Home උණුසුම් පුවත් ශ්‍රී ලංකාවට පනවා තිබූ සංචාරක සීමා අමෙරිකාව ලිහිල් කරයි

ශ්‍රී ලංකාවට පනවා තිබූ සංචාරක සීමා අමෙරිකාව ලිහිල් කරයි

ශ්‍රී ලංකාවට පනවා තිබූ සංචාරක සීමා අමෙරිකාව ලිහිල් කරයි

අංජනා මල්ලවාරච්චි

ඇ‍මරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකාව සඳහා පනවා තිබූ සංචාරක සීමා ලිහිල් කර තිබේ.

ඒ අනුව ඇමරිකාව එරට පුරවැසියන්ට ශ්‍රී ලංකාවේ සංචාරය නොකරන්න යැයි දන්වමින් කර තිබූ උපදේශය වෙනස් කරමින් ශ්‍රී ලංකාවේ සංචාරය පිළිබඳව සලකා බලද්දී යනුවෙන් වෙනස් කර ඇත.

කොළඹ පිහිටි එක්සත් ජනපද තානාපති කාර්යාලය ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කර තිබුණේ එක්සත් ජනපදය ශ්‍රී ලංකාව සඳහා පනවා තිබූ හතරවන මට්ටමේ සංචාරක සීමාව තුන්වන මට්ටම දක්වා ලිහිල් කර ඇති බවය.

ශ්‍රී ලංකාව සඳහා සංචාරක සීමා තුන්වන මට්ටමේ තබා ඇත්තේ රටේ පවතින කොපි තත්ත්වය නිසා බවද අමෙරිකානු තානාපති කාර්යාලයෙන් නිකුත් කළ පිට පණිවුඩයේ සඳහන් ය.

ඇමරිකා වගේ විවිධ රටවල් සඳහා සංචාරක සීමා පනවන අතර එය මට්ටම් හතරක් ලෙස ප්‍රකාශයට පත් කරනු ලබයි.

පළමු මට්ටම යන සංචාරය සඳහා සාමාන්‍ය මට්ටමකි. දෙවන මට්ටම යනු ප්‍රවේශම් වන්න යන උපදේශයයි. තුන්වන මට්ටම යනුවෙන් සඳහන් වන්නේ නැවත සලකා බලන්න යන්නය. හතරවෙනි මට්ටමින් කියවෙන්නේ සංචාරය නොකරන ලෙස ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here