Home උණුසුම් පුවත් සාගර කාරියවසම්ට මැතිසබේ තනතුරක්

සාගර කාරියවසම්ට මැතිසබේ තනතුරක්

සාගර කාරියවසම්ට මැතිසබේ තනතුරක්

පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ නියෝජ්‍ය සංවිධායක ධුරයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා පත්කෙරේ.

ඊට අදාළ පත්වීම් ලිපිය පාර්ලිමේන්තුවේ පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී එම පත්වීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් අද (08) දින පාර්ලිමේන්තුවේ දී ලබා දී ඇත.

මෙයට පෙර පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ නියෝජ්‍ය සංවිධායක ධුරය හෙබවූයේ ජයන්ත කැටගොඩ මහතායි.

ඒ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වන එම ධුරය සඳහා මෙසේ නීතිඥ සාගර කාරියවසම් මහතා පත්කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here