මුදල් අමාත්‍යවරයා ලෙස කටයුතු කිරීමේදි ඇතැම් විට තමාට පියෙකුට මෙන් අමිහිරි දේවල් කිරීමට සිදුවනු ඇති නමුත් ඒ සියල්ල ජනතාව වෙනුවෙන් අවංකව කරන දේවල් බව නව මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා පවසයි.
රටේ ජනතාවගේ ප්‍රමුඛතාව රජයේ ද ප්‍රමුඛතාව ලෙස කටයුතු කරන ව පවසන බැසිල් රාජපක්ෂ මහතා මේ බව කියා සිටියේ සිය අමාත්‍යාංශයේ වැඩ භාර ගැනීමෙන් පසුව නව මුදල් අමාත්‍යවරයා ලෙසත්, අභිනවයෙන් පත්වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ලෙසත් පත්වීමෙන් අනතුරුව පළමු වරට මාධ්‍ය අමතමිනි.
“අද වැඩ කරන ජනතාව විශේෂයෙන් ම ගොවියා, ධීවරයා, කම්කරුවා ඒ වගේම රාජ්‍ය සේවකයා, විශේෂයෙන්ම වෘත්තීයවේදීන් අද මේ රටේ සියලු අංශ වලට බලපෑම් කරනවා. ඒ අයගේ සහයෝගය අපිට අවශ්‍යයි . එනිසා මම කටයුතු කරන්නේ ඔබේ ඇමැතිවරයා හැටියට වඩා ඔබේ සහයකයෙක් හැටියට. ඒ කටයුත්ත කරන්න සූදානම්. විශේෂයෙන්ම අතිගරු ජනාධිපතිතුමා, අගමැතිතුමාගේ දායකත්වයෙන්. ඔවුන්ගේ මගපෙන්වීම අපට අත්‍යවශ්‍යයි.
ඒ වගේම සියලුම මහජන නියෝජිතයින්,පාර්ලිමේන්තුවේ, ඒ වගේම අද පළාත් අහෝසි වෙලා තිබුනත්, අහෝසි වෙලා නෙමේ අතුරුදහන් වෙලා තිබෙන පළාත් සභාවල, ඒ අයගේ සහයෝගය, මේ පළාත් පාලන ආයතන වල ඒ මහජන නියෝජිතයින් සියලු මට්ටමේ අයගේ සහයෝගය අපිට අවශ්‍යයි. මේක ලොකු අමාරු කාර්යයක්. ඒ අභියෝගයට අපි සියලු දෙනාම එකට වැඩ කරමු යන ඉල්ලීම කරමින් අපේ අමාත්‍යාංශයේ රජයේ ප්‍රමුඛතාව වෙන්නේ පොදු ජනතාවගේ අවශ්‍යතාවය. ඔවුන්ගේ ප්‍රමුඛතාවය අපේ ප්‍රමුඛතාවයයි. ඒ ප්‍රමුඛතාවන් සියල්ල අපි දන්නවා. අපිට අවබෝධයක් තියෙනවා මොකක්ද ප්‍රශ්නේ කියල. ජනාධිපතිතුමා ,අගමැතිතුමාට මේ රජයේ සියලුම අයට තියෙනවා. නමුත් සමහර වෙලාවට පියෙක් ට වගේ සමහර අමිහිරි දේවල් කරන්න වෙයි. ඒ වුණාට අපි ඒවා අවංකව ජනතාව වෙනුවෙන් කරන දේවල් කියලා අපි හිතනවා ඔබ ඒකට සහයෝගය වෙයි කියලා” යැයි ද බැසිල් රාජපක්ෂ මහතා කීය.