Home දේශීය පුවත් අන්තවාදී පුහුණුව ලැබූ සහරාන්⁣ගේ තවත් මස්සිනෙක් අත්අඩංගුවට

අන්තවාදී පුහුණුව ලැබූ සහරාන්⁣ගේ තවත් මස්සිනෙක් අත්අඩංගුවට

අන්තවාදී පුහුණුව ලැබූ සහරාන්⁣ගේ තවත් මස්සිනෙක් අත්අඩංගුවට

සහරාන් හෂීම් විසින් අන්තවාදීන් සහ මරාගෙන මැරෙන බෝම්බකරුවන් බිහිකිරීමට හම්බන්තොට පවත්වාගෙන ගිය පුහුණු කදවුරේ පැවති දේශනවලට සහභාගි වූ තවත් පුද්ගලයෙක් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් විසින් ඊයේ අත්අඩංගුවට ගෙන ඇත.

නාරම්මල පදිංචි කරුයෙක්වන ඔහු 24 වියේ පසුවන්නෙක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා සදහන් කළේය.

මෙම පුද්ගලයා 2018 සහ 2019 වසරවල දී අන්තවාදී දේශන සදහා සම්බන්ධ වී ඇති බවට තොරතුරු හෙළිවී ඇතැයි ද අජිත් රෝහණ මහතා පැවසීය.

මෙම පුද්ගලයා ඥාතිත්වයෙන් සහරාන්ගේ මස්සිනා බව ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් විසින් හදුනාගෙන තිබේ.

නාරම්මල පදිංචි කරුයෙක්වන ඔහු මීගමුව දළුවකොටුවේ කෙසෙල් අලෙවියේ නිරතවෙමින් සිට ඇත. පාස්කු ප්‍රහාරය එල්ලවන ව්ටත් ඔහු දළුවකොටුවේ කෙසෙල් ආලවියේ නිරතවෙමින් සිට ඇති බැවින් කටුවපිටිය දේවස්ථානයට එල්ලකෙරුණු ප්‍රහාරයට මෙම සැකකරුගේ සම්බන්ධයක් තිිි⁣බේදැයි ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය කොට්ඨාසයේ නිලධාරීන් සොයා බලමින් සිටිති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here