තවත්
    මුල් පිටුවCOVIDකොළඹ අයට දෙවන මාත්‍රාවට ෆයිසර්‌ දීම අත්හිටුවයි

    කොළඹ අයට දෙවන මාත්‍රාවට ෆයිසර්‌ දීම අත්හිටුවයි

    ඇස්ට්‍රාසෙනෙකා පළමු මාත්‍රාව ලබාගත් කොළඹ මහනගර සභා සීමාවේ පුද්ගලයන් වෙත දෙවන මාත්‍රාව ලෙස ෆයිසර්‌ ලබාදීමේ වැඩසටහන නවතා දමන බව කොළඹ නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මිය පවසයි.

    ඊට හේතුවී ඇත්තේ ඇස්ට්‍රාසෙනෙකා එන්නත් තොගයක් තවත් සති දෙකකින් ලැබීමට නියමිත වීමයි.

    ඒ අනුව එම තොගය ලද පසුව දෙවන මාත්‍රාව ලෙස ද ඇස්ට්‍රාසෙනෙකා එන්නත් ම ලබාදිය හැකි බවට සෞඛ්‍ය අමාත්‍යාංශය ඇය වෙත දන්වා ඇත.

    කොළඹ නගරාධිපතිනියගේ නිවේදනය පහත දක්වා ඇත.

    “ඇස්ට්‍රාසෙනිකා එන්නතේ දෙවැනි මාත්‍රාව ලෙස ඇස්ට්‍රාසෙනිකා එන්නතම ජූලි මාසයේ තුන්වෙනි සතිය වනවිට ලබා දෙන බවට සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් දැනගන්නට ලැබී ඇති බැවින් දැනට දෙවැනි මාත්‍රාව ලෙස දෙනු ලබන ෆයිසර් එන්නත තාවකාලිකව නවතා දැමීමට තීරණය කර ඇත.

    මේ නිසා ජුලි 8 වෙනිදාට නියමිත ෆයිසර් එන්නත්කරණය කල් දමා ඇත.ඒ අනුව නව ඇස්ට්‍රාසෙනිකා එන්නත් තොග ලබුණු වහාම එන්නත්කරණ කටයුතු නැවත ක්‍රමවත්ව සිදුකෙරෙනු ඇති. සිදු වූ අපහසතාව ගැන මගේ කණගාටුව මෙයින් පළ කර සිටිමි.” යනුවෙන් රෝසි සේනානායක මහත්මිය නිවේදනය කර ඇත.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img