Home දේශීය පුවත් පොලිස් ලොක්කො 10 ක් මාරු කරති – ජාලියත් රුවනුත් ඒ අතර

පොලිස් ලොක්කො 10 ක් මාරු කරති – ජාලියත් රුවනුත් ඒ අතර

පොලිස් ලොක්කො 10 ක් මාරු කරති – ජාලියත් රුවනුත් ඒ අතර

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් 09 දෙනෙක්ට සහ පොලිස් අධිකාරිවරයෙකුට වහාම ක්‍රියාත්මකවන පරිදි ස්ථාන මාරුවීම් ලබාදී තිබේ.

පොලිස් නීති කොට්ඨාසයේ අධ්‍යක්ෂක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ රුවන් ගුණසේකර මහතා විනිසුරු ආරක්ෂක කොට්ඨාසයේ අධ්‍යක්ෂක ලෙසත් පොලිස්පති ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ ජාලිය සේනාරත්ත මහතා සේවස්ථ පුහුණු කොට්ඨාසයේ අධ්‍යක්ෂක ලෙසත් පත්කිරීම් මෙම ස්ථාන මාරුවීම් අතර ඇත. මෙම නිලධාරින් දෙදෙනා හිටපු මාධ්‍ය ප්‍රකාශකවරුන්ය.

සෙසු ස්ථාන මාරු අතර විනය හා කල්ක්‍රියා කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජේ.පී.ජයසිංහ මහතා පොලිස්පති මහලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ලෙසත්, යාපනය කොට්ඨාසයේ පොලිස් ප්‍රධානියාවන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි උජිත් ලියනගේ මහතා ප්‍රජා පොලිස් කොට්ඨාසයේ අධ්‍යක්ෂ ලෙසත් , සේවස්ථ පුහුණු කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි .ඒ.කේ.ජයසිංහ මහතා පොලිස් විද්‍යාලයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ලෙසත් , සබරගමුව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ පුද්ගලික සහකාර ලෙස සේවයේ නිරතව සිටි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි පී.එන්.කේ.ඩි.පලිස්කාර මහතා නව පොලිස් ස්ථාන ආරම්භ කිරීමේ අංශයේ ප්‍රධානියා ලෙසත් බස්නාහිර පළාත් ප්‍රජා පොලිස් කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ටී.පී. හේවාපතිර මහතා විනය හා කල්ක්‍රියා කොට්ඨාසයේ අධ්‍යක්ෂ ලෙසත් සීතාවක පොලිස් කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කේ.ජී.පී.පී.සමරපාල මහතා ජාතික පොලිස් අභ්‍යාස විද්‍යාලයටත් විනිසුරුවරු ආරක්ෂක කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සංජය ඉරසිංහ මහතා සීතාවක පොලිස් කොට්ඨාසයේ ප්‍රධානියා ලෙසත් පත්කර තිබේ.

ජාතික පොලිස් අභ්‍යාස විද්‍යාලයේ සේවයේ නිරතව සිටි පොලිස් අධිකාරි නීතිඥ පී.ජී.දර්ශන මහතා පොලිස් නීති කොට්ඨාසයේ අධ්‍යක්ෂ ලෙසත් පත්කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here