කොරෝනා වයිරසයේ ලැම්ඩා ප්‍රභේදය රටවල් 30 ක පමණ ව්‍යාප්ත වී ඇති අතර පවතින කොවිඩ් එන්නත්වලට පවා ප්‍රතිරෝධී වීමේ ඉඩක් ඇති නිසා ශ්‍රී ලංකාව ද ඒ පිළිබඳ අවධානය යොමු කර තිබේ.
සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසුවේ සෞඛ්‍ය බලධාරීන් තවමත් ලැම්ඩා ප්‍රභේදය පිළිබඳ තොරතුරු එක්රැස් කරමින් සිටින බවයි.
ලැම්ඩා සහ අනෙකුත් සියලුම කොවිඩ් ප්‍රභේදයන්ගෙන් ආරක්ෂා වීම සඳහා මුඛ ආවරණ පැළඳීම සහ සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීම ඇතුළු සියලු පූර්වාරක්ෂාවන් ගන්නා ලෙස සෞඛ්‍ය බලධාරීන් මහජනතාවගෙන් ඉල්ලා සිටී.
COVID-19 පාලන රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුදර්ශනි ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය පවසා ඇත්තේ ලැම්ඩා ප්‍රභේදය වෙනත් රටවල ව්‍යාප්ත වුවද මේ දක්වා නව සෞඛ්‍යාරක්ෂක උපදෙස් කිසිවක් දී නොමැති බවයි.
වසංගතය හේතුවෙන් පැනවූ සීමා කිරීම් මේ සතියේ තවදුරටත් ලිහිල් කළද දැනටමත් ක්‍රියාත්මක සෞඛ්‍ය මාර්ගෝපදේශ දැඩි ලෙස පිළිපදින්නැයි සෞඛ්‍ය අංශය ජනතාවගෙන් ඉල්ලා සිටී.
ලැම්ඩා ප්‍රභේදය නොහොත් සී .37 ප්‍රථම වරට 2020 අගෝස්තු මාසයේදී පේරු රාජ්‍යයෙන් අනාවරණය වී ඇත.
විදේශ මාධ්‍ය වාර්තා පෙන්වා දුන්නේ ජුනි මැද භාගය වන විට දකුණු ඇමරිකාවේ විශේෂයෙන් ඉහළ ව්‍යාප්තියක් ඇති රටවල් 30 කට අධික සංඛ්‍යාවක මෙම ප්‍රභේදය අනාවරණය වී ඇති බවයි.