Home උණුසුම් පුවත් සෞඛ්‍ය සේවා වර්ජනය කරද්දී ඒ මෙහෙවරත් හමුදාව සපුරයි

සෞඛ්‍ය සේවා වර්ජනය කරද්දී ඒ මෙහෙවරත් හමුදාව සපුරයි

සෞඛ්‍ය සේවා වර්ජනය කරද්දී ඒ මෙහෙවරත් හමුදාව සපුරයි

අංජනා මල්ලවාරච්චි

රට පුරා ඔහු රෝහල් ගණනාවක කණිෂ්ඨ සේවකයින් පැවැත්වූ වැඩ වර්ජනය හේතුවෙන්, යුද හමුදාව යොදවා රෝහල්වල කටයුතු සිදුකිරීමට රෝහල් කිහිපයකම පාලනාධිකාරින් අද පියවර ගෙන තිබුණි.

කොළඹ ජාතික රෝහල, මහනුවර මහ රෝහල සහ හම්බන්තොට මහ රෝහල ඇතුළු රෝහල් කිහිපයක කටයුතු යුද හමුදාවේ සෙබළුන් විසින් සිදු කරනු ලැබූහ.

කොළඹ ජාතික රෝහල ඇතුළු එම රෝහල්වලද රෝගීන් රැගෙන යාම රෝගීන්ට ආහාර පාන බෙදීම, රෝගීන් ශල්‍යාගාර වෙත ගෙන යාම ගෙනයාම විදුලි සෝපාන ක්‍රියාත්මක කිරීම තුළ සේවාවන් රැසක් හමුදාව මගින් සිදු කරනු ලැබීය.

ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමය සංවිධානය කළ වැඩ වර්ජනයට රට පුරා රෝහල් ගණනාවක කනිෂ්ඨ සේවකයෝ කනිෂ්ඨ සේවකයෝ යෙදී සිටියහ.

අතිකාල rate ක්‍රමයට ලබා දීම, දින 180 සම්පූර්ණ කළ සේවකයින් ස්ථිර කිරිම, නිල ඇඳුම් දීමනාව 15000 දක්වා වැඩි කිරීම උදෙසා මෙම වැඩ වර්ජනය ආරම්භ කර තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here