තවත්
    මුල් පිටුවCOVIDඋද්ඝෝෂණ ඇතුළු කිසිදු රැස්වීමක් යළි දැනුම් දෙනතෙක් බෑ

    උද්ඝෝෂණ ඇතුළු කිසිදු රැස්වීමක් යළි දැනුම් දෙනතෙක් බෑ

    නැවත දැනුම් දෙන තෙක් උද්ඝෝෂණ ඇතුළු සියලුම ආකාරයේ ජන ඒකරාශීවීම් වැළැක්වීමට පියවර ගන්නා බව පොලීසිය කියයි.

    ඒ කොවිඩ් වසංගතය හේතුවෙන් සෞඛ්‍යමය අවදානමක්‌ ඇති කරවමින්‌ උද්ඝෝෂණ ආදී ඒකරාශී වීම් පැවැත්වීම නැවත දැනුම්දෙන තෙක් සිදු නොකල යුතු බවට සෞඛ්‍ය සේවා අධාක්ෂ ජනරාල්‌ විසින් පොලිස්පතිවරයා වෙත කළ දැනුම් දීම හේතුවෙනි.

    ජනතාව වැඩි වශයෙන්‌ ඒකරාශී වන පොදු රැස්වීම්‌, උද්ඝෝෂණ වැනි ක්‍රියාකාරකම්‌ මගින්‌ කොචිඩ්‌ රෝගය පැතිර යාමේ විශාල අවධානමක්‌ පවතින බැවින්‌ එවැනි ආකාරයේ මහජනතාව විශාල වශයෙන්‌ ඒකරාශි වන පොදු රැස්වීම්‌ හා උද්ඝෝෂණ පැවැත්වීම නැවත දැනුම්දෙන තුරු සිදු නොකල යුතු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් පොලිස්පතිවරයා වෙත දැනුම් දී තිබේ.

    එබැවින් ඉහත නිරෝධායන නියෝග සම්බන්ධයෙන්‌ ශ්‍රී ලංකා පොලිසිය විසින්‌ ක්‍රියා කරන බව පොලිස් මූලස්ථානය නිවේදනය කර ඇත.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img