Home උණුසුම් පුවත් වැදගත් පනත් කෙටුම්පත් 4ක් මේ සතියේ මැතිසබයට

වැදගත් පනත් කෙටුම්පත් 4ක් මේ සතියේ මැතිසබයට

වැදගත් පනත් කෙටුම්පත් 4ක් මේ සතියේ මැතිසබයට

අංජනා මල්ලවාරච්චි

මේ සතියේ දී ඉතා වැදගත් පනත් කෙටුම්පත් හතරක් පාර්ලිමේන්තුවේ දී සම්මත කර ගැනීමට නියමිත බව සභානායක විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය.

ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ජාතික ආරක්ෂක විශ්ව විද්‍යාල පනත් කෙටුම්පත, වයස අවුරුදු 18 ඉක්මවූ තැනැත්තන්ට කඩිනමින් ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථාව ලබාදීමේ සංශෝධන පනත් කෙටුම්පත, අපරාධ නඩු විධාන සංග්‍රහය පනත සංශෝධනය කිරීමේ පනත් කෙටුම්පත සහ වධ දීමට හා අනෙකුත් කෲර අමානුෂික හෝ නින්දිත සැලකීමට හෝ දඬුවම්වලට එරෙහි වූ සම්මුතිය පනත් කෙටුම්පත යන කෙටුම්පත් මේ සතියේ දී සම්මත කර ගැනීමට නියමිත බවද දිනේෂ් ගුණවර්ධන ඇමතිවරයා පැවසීය.

පාර්ලිමේන්තු සතිය අද (06) දිනයෙන් ආරම්භ කෙරෙන අතර එම පනත් කෙටුම්පත් වලට අදාල විවාද පවත්වා ඒවා සම්මත කරගැනීමට නියමිත බවද දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here