Home දේශීය පුවත් පොලිස් ඇමති පොලීසියටම ගොස් ගැටළු සොයයි

පොලිස් ඇමති පොලීසියටම ගොස් ගැටළු සොයයි

පොලිස් ඇමති පොලීසියටම ගොස් ගැටළු සොයයි

පොලිස් ස්ථානවල ඇති අඩුපාඩු පොලිස් ස්ථානවලටම ගොස් දැකබලා ගෙන විසදුම් ලබාදීමට මහජන ආරක්ෂක ඇමති රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා තීරණයකර තිබේ.

ඒ අනුව කෑගල්ල දිස්ත්‍රික්කයේ පිහිටි බුලත්කොහුපිටිය, යටියන්තොට හා කිතුල්ගල යන පොලිස් ස්ථාන ඇමතිවරයාගේ නිරීක්ෂණයට ලක්විය. එහිදී එම පොලිස් ස්ථානවල නිලධාරීන්ගේ බැරක්ක, වැසිකිලි, ආපන ශාලා පවා ඇමතිවරයාගේ නිරීක්ෂණයට ලක්ව තිබේ.

අනතුරුව ඇමතිවරයා නිලධාරීන් සමග ඒ අය මුහුණ දෙන රාජකාරිමය ගැටළු සහ සේවා අවශ්‍යතා සම්බන්ධයෙන්ද සාකච්ඡාකර ඇත. ඉහළ නිලධාරීන් එතෙක් ඇමතිවරයාව දැනුවත් කර නොතිබුණු පොලීසියේ ඇති ගැටළු රාශියත් ගැන තොරතුරු දැන ගැනීමට එහිදී හැකියාව ලැබී තිබේ.

මෙම අවස්ථාවට කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනී රාජිකා වික්‍රමසිංහ මහත්මිය, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය ඇතුළු උසස් පොලිස් නිලධාරීන් කිහිප දෙනෙක්ම සහභාගිවී සිට ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here