Home උණුසුම් පුවත් වත්මන් ආණ්ඩුවට පහර දෙන යහපාලනයේ බදු පොල්ල – මෙන්ඩිස් අරක්කු

වත්මන් ආණ්ඩුවට පහර දෙන යහපාලනයේ බදු පොල්ල – මෙන්ඩිස් අරක්කු

වත්මන් ආණ්ඩුවට පහර දෙන යහපාලනයේ බදු පොල්ල – මෙන්ඩිස් අරක්කු

යහපාලන ආණ්ඩු සමයේ රාජ්‍ය බැංකුවලින් ලබාගත් ණය සහ මේ දක්වා නොගෙවූ බදු මුදල් රුපියල් බිලියන 14ක් නැවත අත්පත්කර ගැනීමේ දැඩි කොන්දේසි මත මෙන්ඩිස් සමාගමට මත්පැන් නිෂ්පාදන බලපත්‍රය නැවත ලබා දී තිබේ.

නිෂ්පාදන බලපත්‍ර අත්හිටුවීම නිසා කිසිඳු ගෙවීමක් කළ නොහැකි මට්ටමට බංකෙලොත්වී සිටින්නේයැයි මෙන්ඩිස් සමාගම පෙන්වාදී තිබිණි.

මේ නිසා අදාළ ණය මුදල් මෙන්ම බදු මුදල් පැහැර හැරීමට මෙන්ඩිස් සමාගම කටයුතු කිරීමෙන් රාජ්‍ය බැංකු සහ බදු අයකරන ආයතන දැඩි අසීරුතාවයකට පත්විය.

යහපාලන රජය මෙන්ඩිස් සමාගමට බදු හා ණය මුදල් පැහැර හැරීමට රිසි සේ අවසර දී තිබූ අතර වත්මන් ආණ්ඩුව එම මුදල් අයකර ගැනීමේ අරමුණ ඇතිව ආයතනයේ නිෂ්පාදන බලපත්‍රය අත්හිටුවමින් එම මුදල් ගෙවීමට මෙන්ඩිස් සමාගමට දන්වා තිබිණි.

මහජන බැංකුව සහ ලංකා බැංකුව ඇතුළු මූල්‍ය ආයතනවලට තබා ඇති රුපියල් බිලියන 6ක පමණ ණය මුදල් හෝ රුපියල් බිලියන 8කට ආසන්න බදු මුදල්වලින් සියයට 10ක් හෝ ගෙවීමට මෙන්ඩිස් සමාගමට වත්කමක් නොමැති බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, සුරාබදු දෙපාර්තමේන්තුව සහ රජයේ බැංකු විසින් පසුගිය දා මුදල් අමාත්‍යංශය දැනුවත් කර ඇත.

ඒ අනුව රජයට අයවිය යුතු මෙම මුදල් අයකර ගැනීමට වෙනත් ක්‍රමවේදයක් නොමැති නිසා අත්හිටුවා තිබූ මත්පැන් නිෂ්පාදන බලපත්‍රය දැඩි කොන්දේසි මත නැවත ලබා දීමට සුරාබදු දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here