Home උණුසුම් පුවත් මින්නේරියේ වනජීවී නිලධාරියකුට පහරදුන් හමුදා මේජර් සහ සෙබළු ගැන උසාවි නියෝගයක්

මින්නේරියේ වනජීවී නිලධාරියකුට පහරදුන් හමුදා මේජර් සහ සෙබළු ගැන උසාවි නියෝගයක්

0
මින්නේරියේ වනජීවී නිලධාරියකුට පහරදුන් හමුදා මේජර් සහ සෙබළු ගැන උසාවි නියෝගයක්

යුද හමුදා මේජර් ජනරාල්වරයකු ඇතුළු යුද හමුදා සාමාජිකයන් පිරිසක් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි කැකිරාව දිසා විනිසුරු සහ මහේස්ත්‍රාත් සමන් වැරනියගොඩ මහතා හබරන පොලිස් ස්ථානාධිපතිවරයාට අද නියෝග කර තිබේ.

ඒ මින්නේරිය ජාතික වනෝද්‍යානයේ රාජකාරියේ නිරතව සිටි වනජීවි නිලධාරියකුට පහරදී රාජකාරියට බාධා කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙනි.

මෙම සිද්ධියට අදාල සැකකරුවන් කවුරුන්ද යන්න සම්බන්ධයෙන් අනාවරණය වී තිබේ නම් ඔවුන් අත්අඩංගුවට නොගන්නේ මන්දැයි මෙහිදි මහේස්ත්‍රාත්වරයා පොලිසියෙන් ප්‍රශ්න කර ඇතැයි ද වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here