Home දේශීය පුවත් අගුලානේ මන්දා පොලීසියට කොටුවේ

අගුලානේ මන්දා පොලීසියට කොටුවේ

0
අගුලානේ මන්දා පොලීසියට කොටුවේ

විදේශයක සිට මෙරට පාතාල අපරාධ මෙහෙයවන ප්‍රධාන පෙලේ මත්කුඩු ජාවාරම්කරුවෙක් වන රත්මලානේ කුඩු අංජුගේ ගෝලයෙක්වන “අගුලානේ මද්දා“ අත්බෝම්බයක්ද සමග ගල්කිස්ස පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසියට ලද තොරතුරකට අනුව මොරටුව කල්දෙමුල්ලේ කළ වැටලීමකදී මෙම සැකකරුව ඊයේ (29) රාත්‍රියේ දී අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ අජිත් රෝහණ මහතා සදහන් කළේය.

රත්මලානේ කුඩු අංජු පිටරට සිට දුරකතනයෙන් ලබාදෙන උපදෙස්වලට අනුව මත්කුඩු බෙදා හරින ජාලයේ ප්‍රධාන පුරුකක් ලෙස මෙම සැකකරුව හදුනාගෙන ඇතැයි පොලීසිය සදහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here