Home උණුසුම් පුවත් රටේ ආහාර සංචිතය මාස 3කට පමණයි

රටේ ආහාර සංචිතය මාස 3කට පමණයි

රටේ ආහාර සංචිතය මාස 3කට පමණයි

මෙරට තුළ මාස තුනක් සඳහා තිබිය යුතු අත්‍යාවශ්‍ය ආහාර සංචිතයක් දැනට තිබෙන නමුත් ලෝකය තුළ තිබෙන පීඩනයත් සමඟ එය පවත්වාගෙන යාම අභියෝගයක් බව කැබිනට් ප්‍රකාශක, ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අද (29) පැවැසීය.

දැනට තිබෙන සංචිත වල බිලියන 4.5 ක ප්‍රමාණයක් තිබෙන නමුත්, රතු තත්ත්වයක් තවමත් පැන නැඟී නොමැති බවත් හෙතෙම ප්‍රකාශ කළේය.

සංචිතවල තත්ත්වය පිළිබඳව රජය දැඩි අවධානයෙන් පසුවෙමින් ඒ සම්බන්ධව නිරන්තරයෙන් සාකච්ඡා කරමින් පවත්නා ගැටළු විසඳා ගැනීමට වැඩපිළිවෙලවල ගණනාවක් ක්‍රියාත්මක කරමින් සිටින බව හෙතෙම කියාසිටී.

ඒ මහතා මේ බව කියා සිටියේ අද (29) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී ය.

ලංකාවේ දැනට අත්‍යවශ්‍ය අහාර සංචිතයක් පවතින්නේ ද යන්න පිළිබඳව මාධ්‍යවේදියෙකු විසින් කරන ලද ප්‍රශ්න කිරීමකට පිළිතුරු වශයෙන් හෙතෙම මේ බව කීය.

ලෝකයේම පවත්නා තත්ත්වය තුළ ලංකාවේ ප්‍රධාන අදායම් මාර්ග ගණනාවක් ඇහිරී තිබෙන බවත්, ආහාර සුරක්ෂිත කිරීමේ වැඩපිළිවෙල ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වන බවත් අමාත්‍යවරයා මෙහි දී ප්‍රකාශ කර සිටියේය.

එහෙත් ඇතිවිය හැකි අවදානම කිසිසේත්ම බැහැර කර නොමැති බවත්, එවැනි තත්ත්වයකට පත් නොවීම සඳහා රජය විසින් මෙම අභියෝගය භාර ගෙන ඊට අවශ්‍ය වැඩපිළිවෙලවල මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතීන බවත් වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here