Home දේශීය පුවත් උණුසුම් පුවත් ෆොන්සේකාගෙන් රනිල්ට ප්‍රහාරයක්

ෆොන්සේකාගෙන් රනිල්ට ප්‍රහාරයක්

0
ෆොන්සේකාගෙන් රනිල්ට ප්‍රහාරයක්

“රනිල්ගේ පැටිකිරිය අතීතය ඊට වඩා වෙනස්. දැක්කනේ මංගල කතාවේ ම හමුදාපතිටයි හමුදාවටයි පහර ගහලානේ පටන් ගත්තේ. එයාට ඔය හමුදා නිල ඇඳුම්, හමුදාපතිලා එහෙම ඇඟට අල්ලන්නේ නෑ කහඹිලියා වගේ. ඒවට ඇලජික්. කවුරු හෝ හමුදාව දකින්න කැමති නැත්නම් හමුදාපතිලා අයින් කරන්න ඕනේ කියන මානසිකත්වයේ ඉන්නවා නම් එයාට කවදාවත් මේ රට ගැන ජාතික හැඟීමක් නෑ. රනිල් වික්‍රමසිංහ මහතාට තියෙන ප්‍රධාන ප්‍රශ්නේ ඒක තමයි.”

එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස දිවුරුම් දෙමින් පසුව හමුදාපතිවරයාව විවේචනය කරමින් කළ කථාවට හිටපු හමුදාපති පාර්ලිිමේන්තු මන්ත්‍රී ෆීල් මාෂල් සරත් ෆොන්සේකා අද (28) පැවැති මාධ්‍ය හමුවකදී ප්‍රතිචාර දැක්වූයේ එසේය.

“එයා කොච්චර දේශපාලනය කලත් කොච්චර පණ්ඩිතයා වුනත් කොච්චර පොත් කියවල තිබුණත් ජනතාවට එයත් එක්ක ගැටළුව තමයි එයාට ජාතික හැගීමක් නැහැ.එයා ජීවත්වන ලෝකයේ ඒ මානසිකත්වය මේ රටේ ආරක්ෂාවට හරියන්නේ නැහැ. එයා ආර්ථික ඔස්තාර් කෙනෙක් වෙන්න පුළුවන්.ඒත් එයාගේ ආර්ථික සැලසුම් එකක්වත් හරිගියේ නැහැ මේ රටේ.” යනුවෙන්ද ෆීල් මාෂල් සරත් ෆොන්සේකා මහතා සදහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here