තවත්
    මුල් පිටුවදේශීය පුවත්උණුසුම් පුවත්පොහොට්ටුවේ ලේකම්ට වාරණ නියෝගයක්

    පොහොට්ටුවේ ලේකම්ට වාරණ නියෝගයක්

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කුරුවිට ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙක් වන එස්. රත්නසිරි මහතා එම ධුරයෙන් ඉවත් කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය එම පෙරමුණේ ලේකම් සාගර කාරියවසම් මහතා වෙත වාරණ නියෝගයක් නිකුත් කර තිබේ.

    කුරුවිට ජල යෝජනා ක්‍රමය අසලදී 2020 මැයි මස 20 දා අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතාට අවමන් සහගත අයුරින් බැනවැදුණේ යැයි චෝදනා කරමින් තමන්ව ඉවත් කොට එම පුරප්පාඩුව සඳහා වෙනත් අයෙකු පත්කරන ලෙස අමාත්‍යවරයා විසින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම්වරයාගෙන් ඉල්ලීමක් කර තිබු බව එස්.රත්නසිරි මහතා අධිකරණය හමුවේ සඳහන් කර ඇත. එබැවින් තමන්ව පක්ෂයෙන් නෙරපීමට ගත් ක්‍රියාමාර්ගය නීතියට පටහැනි යැයි පෙන්වා දෙන මන්ත්‍රීවරයා තමන්ව ඉවත් කොට එම පුරපාඩුව සඳහා වෙනත් අයෙකු පත් කිරීම වළක්වාලමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම්වරයා වෙත වාරණ නියෝගයක් නිකුත් කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා තිබුණි.

    මන්ත්‍රීවරයා විසින් අධිකරණයට ගොනු කළ ඒ පැමිණිල්ල සලකා බැලූ කොළඹ දිසා විනිසුරු අරුණ අලුත්ගේ මහතා ලබන 12 වනදා දක්වා බලපැවැත්වෙන පරිදි එම වාරණ නියෝග නිකුත් කර තිබේ.

    එ සම්බන්ධයෙන් කරුණු දක්වන්නැයි දන්වා අධිකරණය විසින් වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් සාගර කාරියවසම් සහ අමාත්‍ය වාසුදේව නානායක්කාර මහත්වරුන් වෙතද නොතිසි ද නිකුත් කර ඇත.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img