අමෙරිකාවේ 46%කට පමණ මේ වනවිට කොවිඩ් එන්නත් ලබාදී අවසන්ව ඇතත් අලුත් අර්බුදයකට ඔවුන් මුහුණපා ඇති බවට අනාවරණය වීමත් සමඟ කොවිඩ් වසංගතය ‘සිතූ තරම් ඉක්මණින් අවසන් නොවන’ වසංගතයක් බවට අමෙරිකානුවන්ගේ කනස්සල්ල ඇතිකිරීමට හේතූ වී තිබේ.
ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යාලයේ මෑතකදී කරන ලද අධ්‍යයනයකින් හෙළි වූ කරුණුවලට අනුව අනාවරණය වී ඇත්තේ සිරුරේ අවයව බද්ධ කළ අයට එන්නත් මාත්‍රා දෙකම ලබාගත්ත ද මියයාමේ අවදානමක් ඇති බවටයි.
ඒ මන්ද යත් වෙනත් පුද්ගලයකු එක් මාත්‍රාවක් ලබාගත්ත ද සිරුරේ ප්‍රතිශක්තිය ඉහළ යන අතර අවයවය බද්ධ කළ පුද්ගලයන්ගෙන් 17% ක් පමණක් COVID-19 එන්නත පළමු මාත්‍රාවෙන් පසුව ප්‍රතිදේහ නිපදවාගෙන තිබේ. එමෙන්ම 35% ක් ප්‍රතිචාර දක්වා ඇත්තේ ද මාත්‍රාවන් දෙකම ලබාගත් පසුවයි. ඇතැම් අවයව බද්ධ කළ පුද්ගලයන් එන්නත් මාත්‍රා දෙකම ලබාගත්ත ද ප්‍රතිශක්තිකරණය ශක්තිමත් වීමක් ප්‍රතිදේහ නිපදවීමක් සිදු වී නොමැත.
අමෙරිකාවේ මිලියන 153ක් එන්නත් දෙකම ලබාගෙන ඇති අතර එරට අවුරුදු 65ට වැඩි පුද්ගලයන් මිලියන 42ක් එනම් 78%ක් මේ වනවිට කොවිඩ් එන්නත් ලබාගෙන ඇත.
නිව්යෝර්ක්හි එන්වයියූ ලැන්ගෝන් වෛද්‍ය මධ්‍යස්ථානයේ අවයව බද්ධ කිරීමේ ආයතනය මෙහෙයවන වෛද්‍ය රොබට් මොන්ට්ගොමරි ද හෘද බද්ධ කළ වෛද්‍යවරයෙකි. වෛද්‍ය රොබට් මොන්ට්ගොමරිට හැකි ඉක්මනින් COVID-19 එන්නත ලබා ගැනීමට හේතු කිහිපයක් තිබුණි. කාර්යබහුල නිව්යෝර්ක් රෝහලක බද්ධ කිරීමේ ශල්‍ය වෛද්‍යවරයකු ලෙස ඔහුගේ රෝගීන් මෙම රෝගයට ගොදුරු වීමේ වැඩි අවදානමක් ඇත.
වෛද්‍ය මොන්ට්ගොමරිගේ ප්‍රවේශය වූයේ තුන්වන එන්නත මාත්‍රාවක් පරීක්ෂා කරමින් සායනික අත්හදා බැලීමක් සඳහා ලියාපදිංචි වීමයි. ඔහුට එය සාර්ථක විය. තුන්වන මාත්‍රාවෙන් පසුව, කළ පරීක්ෂා කිරීමෙන් පෙනී ගියේ ඔහුගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ආරක්ෂිත ප්‍රතිදේහ සහ දිගු ආවරණයක් සහිත ටී සෛල නිපදවා ඇති බවයි.
COVID-19 ට එරෙහිව යමෙකු ආරක්ෂා කිරීමට එක් එක් එන්නත් වර්ගවලින් කීයක් ප්‍රමාණවත් දැයි පැහැදිලි නැත, නමුත් මොන්ට්ගොමරි සෑහීමකට පත්වන්නේ ඔහුට අවම වශයෙන් යම් ආරක්ෂාවක්වත් ඇති බවය.
වසංගතය මගින් අවයව බද්ධ කළ පුද්ගලයන්ට දරුණු ලෙස හානි සිදු කර ඇත. අවයව බද්ධ කළ කොවිඩ් ආසාදිතයින්ගෙන් 20% ක් පමණ මිය ගොස් ඇතැයි ඔහු පවසා තිබේ. පසුගිය වසරේ නිව්යෝක් නගරයේ පමණක් 2,000 කට ආසන්න සංඛ්‍යාවක් මිය ගිය බව මොන්ට්ගොමරි පැවසීය.
බද්ධ කළ අවයවයක් ප්‍රතික්ෂේප කිරීම වළක්වන ඖෂධ බොහෝ විට අවයව බද්ධ කළ රෝගීන්ට ආරක්ෂිත ප්‍රතිදේහ සෑදීම වළක්වයි. මෙම තත්ත්වයට හේතූ වී ඇති ගැටලුව එයයි. COVID-19 එන්නත් බොහෝ දෙනකුට ඇදහිය නොහැකි තරම් හොඳින් ක්‍රියාත්මක වුවද, දළ වශයෙන් ඇමරිකානුවන් මිලියන 10 ක් ඖෂධ වර්ග හෝ වෙනත් රෝග හේතුවෙන් ප්‍රතිශක්තිකරණ පද්ධතිය අඩපණ වී ඇති අයයි.
‘මේ වසංගතය අපට අවසන් නැත’ මේ බව පැවසුවේ මිෂෙල් නදීම්-බේකර් නමැති නිදන්ගත ලිම්ෆොසයිටික් ලියුකේමියාව ඇති අයෙකි. ඇය මාර්තු සහ අප්‍රේල් මාසවලදී මෝඩර්නා එන්නත මාත්‍රා දෙකක් ලබා ගත්තද COVID-19 වලින් ඇයට ආරක්ෂාවක් නොමැති බවට පෙනී ගොස් ඇත.
සායනික අත්හදා බැලීම්වල ප්‍රතිඵල ලැබෙන තුරු, ජෝන්ස් හොප්කින්ස් වෛද්‍ය මධ්‍යස්ථානයේ වෛද්‍ය ඩොරි සෙගෙව් තම බද්ධ කිරීමේ රෝගීන්ට පවසන්නේ එන්නත ලබා ගන්නා ලෙසයි.
එබැවින් එන්නන් මාත්‍රා දෙකම ගත් අවයව බද්ධ කළ පුද්ගලයන්ට වුවත් මුඛ ආවරණ පැළඳීම සහ සමාජීය වශයෙන් දුරස්ථ වීම වැනි සියලු පූර්වාරක්ෂාවන් ඔවුන් විසින් ගත යුතු බව අවධාරණය කර ඇත. එබැවින් ඔවුන් වෙත ලද වෛද්‍ය උපදෙස නම් ‘එන්නත් ගත්තත් ගත්තේ නෑ වගේ ඉන්න’ යන්නයි.
1988 සිට වාර්ෂිකව අමෙරිකාවේ අවයව බද්ධ කිරීම් 25000කට අධික සංඛ්‍යාවක් සිදුවේ. 2019 වසරේදී අවයව බද්ධ කිරීම් 39,719 ක් සිදුකර ඇත. මේ වසරේ දී 114000ක් පමණ පොරොත්තු ලැයිස්තුවේ දැනටමත් සිටී. එන්නත් දෙකම ලබාගත් පුද්ගලයන් අවයව බද්ධය සදහා ඇතැම් රෝහල් ඇතුළත් කරගත්ත ද එය තවදුරටත් කල් දැමිය යුතු බව වෛද්‍ය මොන්ට්ගොමරිගේ විශ්වාසයයි.