තවත්
    මුල් පිටුවදේශීය පුවත්දින 25 කට පසු අඩුම කොවිඩ් ආසාදිත මරණ ගණන ඊයේ වාර්තා...

    දින 25 කට පසු අඩුම කොවිඩ් ආසාදිත මරණ ගණන ඊයේ වාර්තා වෙයි

    කොවිඩ් 19 වෛරසය ආසාදිතව ඊයේ (26) දින මරණ 39 ක් සිදුව ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා අද (27) තහවුරු කළේය.

    ජූනි 02 වෙනිදායින් පසු කොවිඩ් ආසාදිත මරණ ගණන අඩු අගයක් ගන්නේ ඊයේ දිනයේදීය. ජූනි 02 වෙනිදා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ කොවිඩ් මරණ සම්බන්ධ වාර්තාවට අනුව මරණ 39 ක් තහවුරුකර තිබුණි. එම මරණ ජුනි 01 වෙනිදාත් මැයි 17 වෙනිදාත් අතර සිදුවූ ඒවා බවද එහි සදහන් විය.

    එම දෛනික මරණ වාර්තාවෙන් පසු දෛනිකව තහවුරුකළ මරණ ගණන 39 හෝ ඊට අඩුඅගයක් ගත්තේ නම් ඒ අද (27) සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කළ ඊයේ (26) සිදුවූ මරණ 39 යි. ඒ අනුව දින 25 කට පසුව අඩුම කොවිඩ් මරණ ගණනක් තහවුරු කෙරෙන්නේ අද දිනයේදීය.

    එම මරණ 39 න් 12 දෙනෙක්ම කාන්තාවන්ය. 27 දෙනෙක් පිරිමින්ය. මෙම කොවිඩ් මරණ ගණනත් සමග මෙරට සිදුව ඇති සමස්ත කොවිඩ් මරණ ගණන 2944 ක් වන බව සෞක්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සදහන් කරයි.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img