Home උණුසුම් පුවත් ලබන 30 වැනිදායින් පසුව පරිපූරක වෛද්‍ය සේවා වර්ජනයක්

ලබන 30 වැනිදායින් පසුව පරිපූරක වෛද්‍ය සේවා වර්ජනයක්

ලබන 30 වැනිදායින් පසුව පරිපූරක වෛද්‍ය සේවා වර්ජනයක්

අංජනා මල්ලවාරච්චි

පරිපූරක වෛද්‍ය සේවයට අදාල ඉල්ලීම් 13ක් මුල් කර ගනිමින් මේ මස තිස් වැනි දිනෙන් පසුව වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ගන්නා බව පරිපූරක වෛද්‍ය සේවා ඒකාබද්ධ බලමණ්ඩලය සඳහන් කරයි.

අත්තනෝමතික ලෙස ඉවත් කළ වසර දොළහෙන් පසුව ලබා දෙන පළමු ශ්‍රේණියට උසස් වීම නැවත ලබා ගැනීම, වැටුප් චක්‍රලේඛ හරහා අහිමි කළ මාණ්ඩලික තත්ත්වය නැවත ලබා ගැනීම ලබාගැනීම අතිකාල රේට් අගය වැඩි කර ලබා ගැනීම, වැටුප් විෂමතා ඉවත් කර ගැනීම ඇතුළු ඉල්ලීම් 13ක් ලබා දෙන ලෙස කාලයක සිටම සෞඛ්‍ය බලධාරීන්ට විවිධ ඉල්ලීම් කරන බවද බවද පරිපූරක වෛද්‍ය සේවා ඒකාබද්ධ බල මණ්ඩලයේ සභාපති රවි කුමුදේශ් මහතා පැවසීය.

සෞඛ්‍ය බලධාරීන්ට එම ගැටලු විසඳීමට මේ මස තිස් වැනි දින දක්වා කාලය ලබා දෙන අතර එලෙස විසඳුම් නොලැබුණහොත් තිස් වැනිදායින් පසුව කිසිදු දැනුම් දීමකින් තොරව වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක් ගන්නා බවද බව ද රවි කුමුදේශ් මහතා පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here