Home දේශීය පුවත් උණවටුනේදි ඇස්ට්‍රාසෙනිකා එන්නත් ගත් 425 දෙ නෙක්ම බස්නාහිරින් ආපු අය බව හෙළිවේ

උණවටුනේදි ඇස්ට්‍රාසෙනිකා එන්නත් ගත් 425 දෙ නෙක්ම බස්නාහිරින් ආපු අය බව හෙළිවේ

0
උණවටුනේදි ඇස්ට්‍රාසෙනිකා එන්නත් ගත් 425 දෙ නෙක්ම බස්නාහිරින් ආපු අය බව හෙළිවේ

උණවටුනේ පිහිටි ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේදී පසුගිය 05 සහ 07 යන දිනවලදී ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ දෙවන මාත්‍රාව ලබා දුන් 632 දෙනාගෙන් 425 දෙනෙක්ම බස්නාහිර පළාතින් පැමිණි අය බව ඒ සම්බන්දයෙන් කෙරෙන පොලිස් විමර්ශනයෙන් අනාවරණය වී තිබේ.

මේ බව හෙළිවී ඇත්තේ එන්නත් ලබාදුන් පුද්ගලයින්ගේ නාම ලේඛනයට අනුව ඒ අයගේ පදිංචිය පිළිබදව කළ සොයා බැලීමකදීය.

ගාල්ල කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භකරන්නේ පොලීසියට ලද පැමිණිල්ලකට අනුවය. එම පැමිණිල්ලෙන් කියැවෙන්නේ ගාල්ලේ ජනතාවට එන්නත්කරණයට තිබුණු ඇස්ට්‍රාසෙනිකා එන්නත් බස්නාහිර පළාතින් පැමිණි පිරිසකට ලබාදුන් බවටය.

ඒ අනුව අධිකරණයට කරුණු වාර්තා කළ පොලීසිය එන්නත් ලාබාදුන් පුද්ගල නාම ලේඛනයක් තමන්ට ලබාදෙන ලෙසට නියෝගයක් නිකුත් කරන්නැයි කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය අධිකරණයෙන් ඉල්ලීමක් කළේය. දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයාට හා උණවටුන ඖෂධ ගබඩාවේ පාලකවරයාට පසුගිය 14 වනදා ගාල්ල අධිකරණය ඒ සම්බන්ධයෙන් නියෝගයක් නිකුත් කරනු ලැබීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here