තවත්
    මුල් පිටුවදේශීය පුවත්ජීවිත දානය ඉල්ලා වහලය මත නැගී සිටින සිරකර ුවන්ට බන්ධනාගාර ලේකම් ඇහුම්කන්...

    ජීවිත දානය ඉල්ලා වහලය මත නැගී සිටින සිරකර ුවන්ට බන්ධනාගාර ලේකම් ඇහුම්කන් දෙයි

    තමන්ට ලැබී ඇති මරණ දඩුවම වෙනුවට ජීවිතාන්තය දක්වා ජනාධිපති පොදු සමාවක් ඉල්ලමින් වැලිකඩ බන්ධනාගාරයේ වහලය මත නැගී සිටින සිරකරුවන් සමග බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් වී.ආර්.සිල්වා මහතා අද (25) සවස සාකච්ඡාවක නිරතවී ඇත.

    හිටපු බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයෙක් වන වී.ආර්. සිල්වා මහතා වැලිකඩ බන්ධනාගාරයට පැමිණ සිරකරුවන් මුණ ගැසී සදහන් කර ඇත්තේ පොදු සමාවක් ලබාදීමට අවශ්‍ය මූලික කටයුතු සිදුවන බැවින් වහලෙන් බිමට බසින ලෙසය. එහෙත් සිරකරුවන් එම ඉල්ලීමට ඇහුම්කන් දීමක් සිදුනොකර අද රාත්‍රියේත් වහලය මත රැදී සිටින බව බන්ධනාගාර තොරතුරු සදහන් කළේය.

    මරණීය දණ්ඩනය ජීවිතාන්තය දක්වා සිරදඩුමක් ලෙසට පොදු සමාවක් යටතේ ලබාදෙන ලෙස ඉල්ලමින් මරණීය දණ්ඩනයට නියමව මහර සහ වැලිකඩ බන්ධනාගාරවල සිටින සිරකරුවන් 150 ක් පමණ මේ වනවිට ආහාර වර්ජනයක නිරතවෙමින් සිටින බව බන්ධනාගාර තොරතුරු අනාවරණය කළේය. වැලිකඩ බන්ධනාගාරයේ වහලය මත නැගී සිටින්නේ 10 ක පමණ පිරිසක් බවත් කණ්ඩායම් වශයෙන් ඒ අට වහලයට නගින බව බන්ධනාගාරයේ උසස් නිලධාරියෙක් සදහන් කළේය. වහලය මත සිරකරුවන් රැදී සිටින්නේ ඊයේ රාත්‍රියේ සිටය.

    බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා සදහන් කරන්නේ මරණීය දණ්ඩනය නියම වී සිටින සිරකරුවන් 260 දෙනෙකුට පමණ එම දඩුවම ඉතා ඉක්මනින් ජීවිතාන්තය දක්වා අඩුවනු ඇති බවය. අධිකරණ ඇමතිවරයා මගින් ජනාධිපතිවරයාව දැනුවත් කරමින් අවශ්‍ය කටයුතු දැනටමත් කර ඇති බවද ලොහාන් රත්වත්තේ මහතා පවසයි.

    ඒ අනුව මරණීය දණ්ඩනය නියමවී සිටින මත්කුඩු ජාවාරම්කරුවන් හා ස්ත්‍රී දූෂකයින් හැරුණු කොට වසර 10 ක් මේ වන විට සිරදඩුවම් ලබාඇති සිරකරුවන්ට මෙම පොදු සමාව ලැබෙනු ඇත.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img