Home දේශීය පුවත් උණුසුම් පුවත් ආපන ශාලා සංගමයේ අසේල සම්පත් රහස් පොලිස් අත්අඩංගුවට

ආපන ශාලා සංගමයේ අසේල සම්පත් රහස් පොලිස් අත්අඩංගුවට

0
ආපන ශාලා සංගමයේ අසේල සම්පත් රහස් පොලිස් අත්අඩංගුවට

සමස්ත ලංකා ආපනශාලා හිමිකරුවන්ගේ සංගමයේ ජාතික සංවිධායක මෙන්ම මහජන අයිතීන් සුරැකීමේ ව්‍යාපාරයේ කැඳවුම්කරු ලෙසද කටයුතු කරන අසේල සම්පත් මහතාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තවේ විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් අද (25) අත්අඩංගුවට ගෙන ති‍බේ.

ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍යාංශයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කළ පැමිණිල්ලක් විභාග කිරීමෙන් අනතුරුව ඔහුව අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ අජිත් රෝහණ මහතා සදහන් කළේය.

ඇස්ට්‍රා සෙනෙකා එන්නත සම්බන්ධයෙන් ඔහු කළ ප්‍රකාශයක් එම පැමිණීල්ලට මුල් වී තිබෙන බවද අජිත් රෝහණ මහතා වැඩිදුරටත් පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here