Home උණුසුම් පුවත් දැනට මිලියන 3ක් දී අවසන්- සැප්තැම්බරය වනවිට මිලියන 13කට එන්නත් දෙනවා – ජනපති (Full speech)

දැනට මිලියන 3ක් දී අවසන්- සැප්තැම්බරය වනවිට මිලියන 13කට එන්නත් දෙනවා – ජනපති (Full speech)

දැනට මිලියන 3ක් දී අවසන්- සැප්තැම්බරය වනවිට මිලියන 13කට එන්නත් දෙනවා – ජනපති (Full speech)

මෙරට සමස්ත ජනගහනයෙන් මිලියන 3 කට එන්නත් ලබාදී අවසන් ඇති අතර ලබන සැප්තැම්බර් මාසය අවසන් වන විට මෙරට මිලියන 13 ක ජනතාවකට එන්නත්කරණය සිදු කිරීමට හැකි වන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

මේ වනවිට මෙරට ජනතාවගෙන් 3%කට එන්නත් ලබාදී ඇති බවද ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් කරමින් හෙතෙම මේ බව පැවැසීය.

මේ වන විට ඇස්ට්‍රාසනිකා එන්නත් 1,264,000 සයිනොෆොම් එන්නත් 3,100,000 ක් ස්පුට්නික් එන්නත් 13,0000ක් වශයෙන් මුළු එන්නත් මාත්‍රා 4494000ක් මේ වනවිට ලැබී තිබෙන බව ජනාධිපතිවරයා කීය.

ජූලී මාසයේදී සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන 4 ක් සහ සයිනොවැක් මාත්‍රා මිලියන 2.5 ක් ලැබීමට නියමිත බවත් එසේම ස්පුට්නික් මාත්‍රා මිලියන 2 ක් ද ලබා ගැනීමට කටයුතු යොදා තිබෙන බවද ජනාධිපතිවරයා සඳහන් කළ‌ේය.

මේ අතර අගෝස්තු මාසයේ සයිනොෆාම් මාත්‍රා මිලියන 5 ක් , සයිනොවැක් මාත්‍රා මිලියන 2.5 ක් , ස්පුට්නික් මාත්‍රා මිලියන 2 ක් ලැබීමට නියමිතයි.

ජනාධිපතිවරයා ජාතිය අමතා කළ සම්පූර්ණ ප්‍රකාශය පහත දැක්වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here