Home දේශීය පුවත් බෝදාගම චන්දිම හිමියෝ මිලියන 15ක සෞඛ්‍යාරක්ෂණ උපකරණ තොගයක් ජනපතිට පිරිනමති

බෝදාගම චන්දිම හිමියෝ මිලියන 15ක සෞඛ්‍යාරක්ෂණ උපකරණ තොගයක් ජනපතිට පිරිනමති

0
බෝදාගම චන්දිම හිමියෝ මිලියන 15ක සෞඛ්‍යාරක්ෂණ උපකරණ තොගයක් ජනපතිට පිරිනමති

කැලණිය, බොල්ලෑගල මානෙල්වත්ත විහාරාධිපති ආචාර්ය බෝදාගම චන්දිම හිමියෝ රුපියල් මිලියන 15ක් වටිනා කොවිඩ් මර්දන වෛද්‍ය සහ සෞඛ්‍යාරක්ෂණ උපකරණ තොගයක් ජනාාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට අද (25) පෙරවරුවේදී භාරදුන්හ.

ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත එම උපකරණ භාරදුන්හ.

රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, සෞඛ්‍ය ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් සංජීව මුණසිංහ යන මහත්වරු, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා ඇතුළු එම සංගමයේ සාමාජිකයෝ පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here