තවත්
    මුල් පිටුවදේශීය පුවත්උණුසුම් පුවත්කිරින්දට නුදුරු මුහුදේ නෞකාවක ගින්නක්

    කිරින්දට නුදුරු මුහුදේ නෞකාවක ගින්නක්

    කිරින්ද මහා රාවණ ප්‍රදීපාගාරයේ සිට නාවික සැතපුම් 480ක් දුරින් වූ මුහුදු ප්‍රදේශයේ දී කොළඹ වරායේ සිට සිංගප්පූරුව බලා යාත්‍රාකරමින් ඇති භාණ්ඩ ප්‍රවාහන නෞකාවක ගිනි ගැනීමක් සිදුව ඇතැයි නාවික හමුදාවට තොරතුරු ලැබී ඇත.

    එම්.එස්.සී. මෙසීනා නැමැති එම නෞකාව ලයිබීරියා ධජය සහිතව යාත්‍රාකරමින් ඇති බව සදහන්ය.

    නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක, කපිතාන් ඉන්දික ද සිල්වා මහතා සඳහන් කළේ අදාළ නෞකාවේ එන්ජින් කාමරයේ එම ගින්න හටගෙන ඇති බවට තොරතුරු වාර්තා වන බවය.

    ඒ සම්බන්ධයෙන් අදාල නෞකාව ගින්න නිවීම සඳහා සහයෝගය අසල ගමන් කරන නෞකා වලින් ඉල්ලා ඇති බව ද නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කරයි.

    ගින්න හටගෙන ඇතැයි වාර්තාවන්නේ ඊයේ (24) රාත්‍රියේදීය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img