ඊයේ (24) දිනය තුළ කොවිඩ්-19 ආසාදිතයන් වාර්තා වීමේ අඩුවක් දක්නට ලැබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ දත්ත විශ්ලේෂණයෙන් පැහැදිලි වේ.
කොවිඩ් ආසාදිතයන් දිස්ත්‍රික් මට්ටමින් වාර්තා වූ ආකාරය පහත දැක්වේ.
ඒ අනුව ඊයේ දිනය තුළදී වැඩිම ආසාදිතයන් වාර්තා වූ ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇත්තේ ද 386ක් පමණි.
කොළඹ 261ක් ද , කළුතර 252ක් ද , මඩකලපුව 133ක් ද ඊළඟට වැඩිම ආසාදිතයන් වාර්තා වී ඇත.
පසුගිය කාලය තුළ කොළඹ ගම්පහ දිස්ත්‍රික්කවලින් දිනකට වාර්තා වූ කොවිඩ් ආසාදිතයන් ගණන දහස ද ඉක්මවා ගොස් තිබුණි.
