Home දේශීය පුවත් උණුසුම් පුවත් මධ්‍යම අධිවේගයේ රේස් පැද්ද කාර්-බයික් අනතුරින් 2නෙක් මරුට

මධ්‍යම අධිවේගයේ රේස් පැද්ද කාර්-බයික් අනතුරින් 2නෙක් මරුට

0
මධ්‍යම අධිවේගයේ රේස් පැද්ද කාර්-බයික් අනතුරින් 2නෙක් මරුට

ඉදිවෙමින් පවතින මධ්‍යම අධිවේගී මාර්ගයේ රේස් පැදීමට ගිය යතුරු පැදියක් සහ මෝටර් රථයක් අද (24) රාත්‍රී 7.00 ට පමණ එකිනෙකට ගැටී සිදුවූ අනතුරකින් යතුරුපැදිය ගිනි ගෙන එහි ගමන්කරමින් සිටි තරුණයින් දෙදෙනා මියගොස් තිබේ.

නාරම්මල පොලිස් වසමට අයත් ප්‍රදේශයේ 59 වැනි කිලෝ මීටර් කණුව ආසන්නයේ මෙම අනතුර සිදුව ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ අජිත් රෝහණ මහතා සදහන් කළේය.

අනවසරයෙන් අධිවේගී මාර්ගයට වාහන ඇතුළුකර මේ ආකාරයට රේස් පැදීමට තරුණයින් පෙළඹී ඇතැයි කුරුණෑගල නියෝජ්‍ය පොලිස්පති අනිල් ප්‍රියන්ත මහතා මේ සම්බන්ධයෙන් කළ විමසුමකදී සදහන් කළේය.

පැදිය මෝටර් රථය පසු පසින් ගමන් කර ඇති බවත් වාහන දෙකම කුරුණෑගල දෙසට ගමන් කර තිබෙන බවත් අජිත් රෝහණ මහතා පැවැසීය. මෙම රේස් පැදිල්ලෙන් අවසානයේදී තරුණ ජීවිත දෙකක් රටට අහිමි වූ බවද අජිත් රෝහණ මහතා කීය..

එම තරුණයින් වදාකඩ සහ ගින්නේරි කන්ද යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවත් ඔවුන් වයස අවුරුදු 19 ත් 24 ත් වයස්වල පසුවූවන් බවත් අජිත් රෝහණ මහතා පැවැසීය. මෝටර් රථයේ පස් දෙනෙක් ගමන් කර ඇති බවත් ඒ අයගෙන් දෙදෙනෙක් සැකපිට අත්අඩංගුවට ගත් බවත් නියෝජ්‍ය පොලිස්පති අනිල් ප්‍රියන්ත මහතා පැවැසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here