තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්හරි දේ කර වැඩවැරදුණු පොලිස් නිලධාරීන් සමඟ සිටින බවට පොලීසිය භාර ඇමතිගෙන්...

    හරි දේ කර වැඩවැරදුණු පොලිස් නිලධාරීන් සමඟ සිටින බවට පොලීසිය භාර ඇමතිගෙන් සහතිකයක්

    “හැම තිස්සේම මම පොලිස් නිලධාරීන්ට කියන්නේ හරිදේ කරන්න කියලයි. හරි දේ කරල වැරදුණත් මම ඒ අය වෙනුවෙන් පෙනී සිටිනවා. තමන්ගේ මුදල්වලින් නඩු කියන්න මම ඉඩ දෙන්නේ නැහැ.“ යැයි මහජන ආරක්ෂක අමාත්‍ය ආචාර්ය සරත් වීරසේකර මහතා සදහන් කරයි.

    පානදුර පිංවත්තේ නව පොලිස් ස්ථානයක් විවෘත කිරීමේ අවස්ථාවට සහභාගි වෙමින් ඇමතිවරයා ඒ බව සදහන් කළේය.

    “මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ප්‍රධානතම රාජකාරිය තමයි බියෙන් සැකෙන් තොර සමාජයක් නිර්මාණය කරන එක. අපේ අමාත්‍යාංශය පිහිටුවනු ලැබුවේ බියෙන් සැකෙන් තොර සමාජයක් නැති නිසා. පාතාල ක්‍රියාකාරකම් බොහෝ දුරට අඩු කරන්න අපිට හැකියාව ලැබිල තියෙනවා. ඒ වගේම කප්පම් ක්‍රියාකාරකම් පවා අද අඩුවී තිබෙනවා. ස්ත්‍රී දූෂණ ළමා අපචාර , මත්ක්ඩු ව්‍යාපාර නැති කිරීමට කටයුතු කරනවා.“ යැයිද අමාත්‍යවරයා එහිදී සදහන් කළේය.

    මෙරට පොලිස් අත්අඩංගුවේ දී සැකකරුවන් මියයාම සහ පොලීසිය හා අපරාධ කල්ලි සාමාජිකයින් අතර ඇතිවන ගැටුම්වලදී පුද්ගලයින් මියයාම සම්බන්ධයෙන් තම දැඩි අවධානය යොමුව ඇති බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් මිචෙල් බැචෙලේ මහත්මිය ඉකුත් දා පැවැති මානව හිමිකම් කවුන්සලයේ 47 වැනි සැසිවාරයේදී සදහන් කළාය. ඇය එහිදී පෙන්වා දෙන්නේ එවැනි සිද්ධීන් ගැන කඩිනම් ස්වාධීන පරීක්ෂණයක් සිදුකළ යුතු බවය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img