Home උණුසුම් පුවත් තෙල් මිල සිද්ධියේ ‘සුපිරි බලවතා’ මැතිසබයේදී එළියට පනී

තෙල් මිල සිද්ධියේ ‘සුපිරි බලවතා’ මැතිසබයේදී එළියට පනී

තෙල් මිල සිද්ධියේ ‘සුපිරි බලවතා’ මැතිසබයේදී එළියට පනී

තෙල් මිල වැඩිකිරීමේ සිද්ධිය පිටුපස සිටින සුපිරි බලවතකු ගැන විපක්ෂයේ පාර්ලිමේන්තූ මන්ත්‍රී නලින් බණ්ඩාර අද පාර්ලිමේන්තුවේදී ආණ්ඩු පක්ෂයෙන් ප්‍රශ්න කර සිටියේය.

“මම අහපු ප්‍රශ්නය තමයි තෙල් මිල වැඩිකිරීම සම්බන්ධව කැබිනට් මණ්ඩලය දන්නෙ නැත්නම් ජනාධිපතිතුමා, අගමැතිතුමාට එහා ගිය සුපිරි බලවතා කවුද කියන එක. එතකොට මේ තෙල් මිල වැඩිකිරීමට මෙතුමාලා කටයුතු කළා. පිටිපස්සේ ඉන්න සාගර කාරියවසම් මෙතූමාලගෙ පක්ෂ මහලේකම් කියනවා ඔවුන් ඒකට විරුද්ධයි කියලා. එතකොට කවුද මේ ජනාධිපතිට අගමැතිට එහා ගිය සුපිරි බලවතා? මේක ඇහුමේ මම” යනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා විමසීය.

එහිදී අමාත්‍ය උදය ගම්මන්පිල මහතා කියා සිටියේ “විපක්ෂය විසින් අද ඉදිරිපත් කර ඇති විශ්වාසභංගයට අනුව නම් ආණ්ඩුවේ සිටින සුපිරි බලවතා මම වෙමි” යනුවෙන් කියා අසුන් ගත්තේ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here