තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්වියාලේන්ද්‍රන් රාජ්‍ය ඇමතිගේ ගාඩ්ගේ වෙඩිල්ලෙන් අයෙක් මරුට - පොලිස් කොස්තාපල් අත්අඩංගුවට

    වියාලේන්ද්‍රන් රාජ්‍ය ඇමතිගේ ගාඩ්ගේ වෙඩිල්ලෙන් අයෙක් මරුට – පොලිස් කොස්තාපල් අත්අඩංගුවට

    රාජ්‍ය අමාත්‍ය එස් වියාලේන්ද්‍රන් මහතාගේ මඩකලපුවේ පිහිටි නිවස ආරක්ෂාවට සිටි පොලිස් කොස්තාපල්වරයෙක් විසින් නිවස ඉදිරිපිට දී අද පස්වරුවේ කර තිබූ වෙඩි තැබීමකින් පුද්ගලයකු මියගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

    මඩකලපුව සින්නවූර්නි ප්‍රදේශයේදී අද සවස 5:10 ට පමණ මෙම වෙඩි තැබීම සිදුව ඇති අතර මියගොස් ඇත්තේ වැලි ටිපර් රථ රියදුරෙක් ලෙස කටයුතු කරන අයෙකි.

    මීට දින කිහිපයකට පෙර වැලි ටිපර් රථ රියැදුරකු සමඟ කතාබහක් ඇතිවූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස අද දිනයේ වැලි ටිපර් රථ රියදුරා ත්‍රී රෝද රථයකින් ගමන් කරන අවස්ථාවේදී පොලිස් නිලධාරියා විසින් මෙම වෙඩි තැබීම සිදු කර ඇති බවත් හෙතෙම කීය.

    මියගිය තැනැත්තාගේ මෘත ශරීරය මඩකලපුව රෝහලෙහි තබා ඇති අතර අදාළ පොලිස් නිලධාරියා ඔහුගේ ගිනි අවිය සමඟ අත්අඩංගුවට ගෙන ඇතැයි ද අජිත් රෝහණ මහතා පැවසීය.

    මෙම සිද්ධිය වන අවස්ථාවේදී රාජ්‍ය අමාත්‍යවරයා ඔහුගේ නිවසේ සිට නොමැති බවට වාර්තා වී ඇත.

    මඩකලපුව ජේෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ නියෝග මත මේ පිළිබඳ පූර්ණ විමර්ශනයක් සිදුකරන බවද අජිත් රෝහණ මහතා වැඩිදුරටත් කීය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img