Home උණුසුම් පුවත් බස්නාහිර පළාතේ රාජ්‍ය ආයතනවලට සේවකයන් කැඳවීම ගැන විශේෂ නිවේදනයක්

බස්නාහිර පළාතේ රාජ්‍ය ආයතනවලට සේවකයන් කැඳවීම ගැන විශේෂ නිවේදනයක්

බස්නාහිර පළාතේ රාජ්‍ය ආයතනවලට සේවකයන් කැඳවීම ගැන විශේෂ නිවේදනයක්

බස්නාහිර පළාත තුළ අද සිට ක්‍රියාත්මක සංචරණ සීමා බලපැවැත්වීමේදී අත්‍යාවශ්‍ය සේවා ගණයට අයත්‌ සියලු රජයේ අමාත්‍යාංශ, ආයතන සහ අර්ධ රාජ්‍ය ආයතනවල ආයතන ප්‍රධානියාට අත්‍යාවශ්‍ය ප්‍රමාණයට පමණක්‌ නිලධාරීන්‌ සභ සේවකයින්‌ සේවයට ගෙන්වා ගත යුතු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා විසින් නිවේදනය කර තිබේ.

අත්‍යාවශ්‍ය සේවා ගණයට අයත්‌ නොවන සියලු රජයේ අමාත්‍යාංශ, ආයතන සහ අර්ධ රාජ්‍ය ආයතනවල සේවයේ නියුතු ඕනෑම නිලධාරියෙකු/සේවකයෙකු (මාණ්ඩලික නිලධාරීන්ද ඇතුළුව) එක්‌ සතියක්‌ තුළදී සේවා ස්ථානයට කැඳවිය හැක්කේ උපරිම දින දෙකක්‌ පමණි.

එයද එම නිලධාරියාට / සේවකයාට අයත්‌ රාජකාරිය සිය නිවසේ සිට සිදු කිරීමට නොහැකි අවස්ථාවන්හිදී පමණි.

තවද පොදු ප්‍රවාහන සේවා අත්‍යාවශ්‍ය සේවා සඳහා පමණක්‌ වෙන්‌ කර ඇති බැවින්‌ එලෙස සේවා ස්ථානයට ගෙන්වන සේවකයින්‌ සඳහා සෞඛ්‍ය උපදෙස්‌වලට අනුකූලව නිවසේ සිට කාර්යාලය වෙත අවශ්‍ය පරිදි ප්‍රවාහන පහසුකම්‌ ලබාදිය යුතු බව ද එම නිවේදනයේ දැක්වේ.

පෞද්ගලික අංශයේ කාර්යාල අවශ්‍ය අවම කාර්ය මණ්ඩලය සමභ කටයුතු කළ යුතුය.

එහෙත්‌ හැකි සෑම විටම නිවසේ සිට රාජකාරි කිරීමට උනන්දු කළ යුතු බව ද සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා නිවේදනය කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here