තවත්
    මුල් පිටුවදේශීය පුවත්පොලීසිය ගොඩනගන්න තරුණ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු පෙරමුණ ගනිති

    පොලීසිය ගොඩනගන්න තරුණ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු පෙරමුණ ගනිති

    පොලිස්පති සමග එක්ව පොලීසිය ගොඩනගන්න මෑතකදී උසස්වීම් ලද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් ඇතුළු පසුපෙළ සිටින තරුණ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු අත්වැල්බැදගෙන තිබේ.

    වත්මන් පොලිස්පතිවරයාගේ සේවා කාලය 2023 වසරේදී අවසන්වන තුරු ඔහුවත් ආරක්ෂාකර ගනිමින් කටයුතු කිරීම එම නිලධාරීන්ගේ අරමුණ වී ඇත.

    මෑතකදී උසස්වීම් ලද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු අද (21) පෙරවරුවේදී පොලිස් මූලස්ථානයේදී පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාව මුණ ගැසී ඇති බවද පොලිස් ආරංචි මාර්ග අනාවරණය කළේය.

    එහිදී පොලිස්පතිවරයා විසින් පොලීසියේ අනාගතය ගැන සහ වත්මන් තත්වය ගැන යම් පැහැදිලි කිරීමක් එම නිලධාරීන්ට කර ඇති බවද ආරංචි මාර්ග සදහන් කළේය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img