Home දේශීය පුවත් ඉන්දියාවෙන් ගේන කොටම කෝටි 05 ක කේරල ගංජා අල්ලයි

ඉන්දියාවෙන් ගේන කොටම කෝටි 05 ක කේරල ගංජා අල්ලයි

0
ඉන්දියාවෙන් ගේන කොටම කෝටි 05 ක කේරල ගංජා අල්ලයි

ඉන්දියාවේ සිට මුහුදු මාර්ග ඔස්සේ මෙරටට රැගෙන එමින් තිබුණු රුපියල් කෝටි 05 කට අධික වටිනාකමක් ඇති කේරල ගංජා කිලෝ 174 ක් සහ වියලි කහ කිලෝ ක් 05සමග සැකකරුවන් දෙදෙනෙක් ඩිංගි යාත්‍රාවක් සමග ඊයේ (20) රාත්‍රියේ නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මුහුදු මාර්ගයෙන් සිදුකෙරෙන මත්ද්‍රව්‍ය ජාවාරම ඇතුළු නීති විරෝධී කටයුතු මැඩ පැවැත්වීම සඳහා නාවික හමුදාව විසින් දිවයින වටා මුහුදු තීරය ආවරණය වන පරිදි මුර සංචාර වැඩිකරමින් නිරන්තර මෙහෙයුම් සිදුකරනු ලබයි. ඒ අනුව, උතුරු නාවික විධානය මගින් P177 වෙරළබඩ මුර යාත්‍රාව සහ විශේෂ යාත්‍රා බලඝනයට අයත් Z 196 සහ Z 215 යන යාත්‍රාවන් යොදා ගනිමින් යාපනය තොන්ඩමනාරු ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදුකළ විශේෂ මෙහෙයුමේදී ගොඩබිම දෙසට යාත්‍රා කරමින් තිබූ සැකකටයුතු මෙම ඩිංගි යාත්‍රාව පරීක්ෂා කිරීමේදී කේරල ගංජා තොගය හමුවූ බව නාවික හමුදාන සදහන් කරයි.

කොව්ඩ් -19 ව්‍යාප්තිය වැළැක්වීමේ සෞඛ්‍යාරක්‍ෂිත ක්‍රමවේදයන්ට අනුකූලව මෙම මෙහෙයුම සිදුකල බව නාවික හමුදාව සදහන් කරයි. සැකකරුවන් දෙදෙනා අවුරුදු 28ත් 34ත් අතර වයසේ පසුවන පේදුරුතුඩුව සහ මුලතිව් යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බවට හඳුනාගෙන තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here