Home COVID හෙට සංචරණ සීමා ඉවත් වුණත් මේ රෙගුලාසි තවදුරටත් ක්‍රියාත්මකයි

හෙට සංචරණ සීමා ඉවත් වුණත් මේ රෙගුලාසි තවදුරටත් ක්‍රියාත්මකයි

හෙට සංචරණ සීමා ඉවත් වුණත් මේ රෙගුලාසි තවදුරටත් ක්‍රියාත්මකයි

රට පුරා පනවා ඇති සංචරණ සීමා හෙට (21) අලුයම 4.00ට ලිහිල් කළද, තවදුරටත් සෞඛ්‍ය උපමානයන්ට, මාර්ගෝපදේශවලට යටත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පවසයි.

තව ද හෙට (21) දිනයේ සංචරණ සීමා ලිහිල් කළ ද පළාත් සංචරණ සීමා තවදුරටත් ක්‍රියාත්මක අතර ජුනි 23 වනදා රාත්‍රී 10.00 සිට ජුනි 25 වනදා අලුයම 4.00 දක්වා යළිත් රටපුරා සංචරණ සීමා පැනවෙනු ඇත.

හෙට දිනයේත් ජනතා හැසිරීම් නිරීක්ෂණය සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.

ඒ අනුව පහත සෞඛ්‍ය රෙගුලාසි තවදුරටත් අඛණ්ඩව ක්‍රියාත්මක වේ.

  • රජයේ හෝ පෞද්ගලික ආයතනවල සේවා ස්ථාන සඳහා ගෙන්වා ගත යුත්තේ අවශ්‍යම අවම සේවක සංඛ්‍යාවකි.
  • ඔන්ලයින් ඔස්සේ නිවසේ සිට රාජකාරී සිදු කළ හැකි පිරිස්වලින් නිවස් සිට රාජකාරී කරවා ගැනීමට ආයතන ප්‍රධානීන් කටයුතු කළ යුතුයි.
  • පොදු ප්‍රවාහන සේවා භාවිත කිරීමේදී මගීන් ගෙන යා හැක්කේ, ආසන සංඛ්‍යාවට පමණි.
  • සෑම මගියෙකුම නිවැරදි ලෙස මුහුණු ආවරණ පැළඳීම අනිවාර්ය වේ.
  • පළාත් සංචරණ සීමා එලෙසින්ම ක්‍රියාත්මක වන බැවින් පළාත් අතර ගමන් කළ හැක්කේ සුවිශේෂි කරුණක් සඳහා පමණි.
  • විශේෂ චාරිකා, වන්දනා ගමන් ආදියට කිසිසේත් අවසර නැහැ.
  • පොදු ස්ථානවල ගැවසීම, සාද, ප්‍රිය සම්භාෂණ සපුරා තහනම්.
  • වෙළඳසැල්, සුපිරි වෙළඳ සැල් සහ පාරිභෝගික ආයතනවලට පාරිභෝගිකයින් එකවර ඇතුළු කර ගත හැක්කේ ස්ථානයේ ඉඩකඩට සාපේක්ෂව සීමා සහිත පිරිසකි.
  • සෑම ආයතනයක්, වෙළඳසලක් තුළ ම අත් පිරිසිදු කිරීම, උෂ්ණත්වය මැන බැලීම සහ දුරස්ථභාව ආරක්ෂා කර ගැනීම යන සෞඛ්‍ය මාර්ගෝපදේශ ක්‍රියාත්මක වියයුතුයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here