Home COVID ඩෙල්ටා ප්‍රභේදය හමුවී සීල් තැබූ දෙමටගොඩ ආරාමයට එන්නත්

ඩෙල්ටා ප්‍රභේදය හමුවී සීල් තැබූ දෙමටගොඩ ආරාමයට එන්නත්

ඩෙල්ටා ප්‍රභේදය හමුවී සීල් තැබූ දෙමටගොඩ ආරාමයට එන්නත්

මේ දිනවල ඉන්දියාවේ වේගයෙන් පැතිර යන ඩෙල්ටා කොවිඩ් වෛරස ප්‍රභේදය ආසාදනය වු පුද්ගලයින් කිහිප දෙනෙකු කොළඹ දෙමටගොඩ ප්‍රදේශයෙන් හමුවීමත් සමඟ එම ප්‍රදේශයෙන් වෛරසය පිටතට පැතිරීම වැළැක්වීමට සියලුම ක්‍රියාමාර්ග ගන්නා ලෙසට සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විසින් සෞඛ්‍ය අමාත්‍යංශයේ සියළු සෞඛ්‍ය බලධාරීන්ට උපදෙස් දී තිබේ.

ඊයේ (17) සෞඛ්‍ය අමාත්‍යංශයේ දී පැවති කොවිඩ්-19 මර්දනය සඳහා වු ක්‍රියාකාරී සමාලෝචන කමිටු රැස්වීමේ දී මෙම නව වෛරස ප්‍රභේදය පැතිර යාමේ ගැටළුව පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ජා කෙරිණි.

ඒ අනුව, එම ප්‍රදේශ හුදකලා කර වෛරස සාම්පල ලබා ගනිමින් ඩෙල්ටා වෛරසයට අදාළ පරීක්ෂණ සිදු කිරීමටත්, ආසාදිතයින් සමඟ සම්බන්ධතා පැවැත් වු අයවළුන් පිළිබඳව හඹාගොස් පරීක්ෂා කිරීමටත්, දැනට ආසාදිතයින් වැඩි වශයෙන් හමුවන දිවයිනේ අනෙකුත් ප්‍රදේශවල ද මෙම ඩෙල්ටා ප්‍රභේදය ඇත්දැයි සොයා බැලීමට විශේෂිත වු පරීක්ෂන සිදු කිරීමට කටයුතු යොදන ලෙසටත් තීරණය කරන ලදී.

ඉන්දියානු කොවිඩ් ප්‍රභේදය හමුවූ දෙමටගොඩ ආරාමය ප්‍රදේශයේ අද (19) කොවවිඩ් එන්නත්කරණය සිදුකළ අයුරු ඡායාරූපවල දැක්වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here