තවත්
    මුල් පිටුවදේශීය පුවත්GOSSIPමන්ත්‍රීවරියගේ සැමියා නිවසේ කසිප්පු පෙරල

    මන්ත්‍රීවරියගේ සැමියා නිවසේ කසිප්පු පෙරල

    මාතර මාකාවිට ප්‍රදේශයේ තෙමහල් නිවසක් තුළ හොර රහසේ මත්පැන් පෙරමින් සිටි මාතර ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරියකගේ සැමියෙක වන හිටපු ‍මන්ත්රීවරයකු හා ඔහුගේ ගෝලයකු මාතර මූලස්ථාන පොලීසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    සැකකරුගේ මන්ත්‍රී බිරිද සෞඛ්‍ය ක්ෂේත්‍රයේ රජයේ රැකියාවක නිරතවන තැනැත්තියකි. එක්සත් ජාතික පක්ෂයෙන් ඇය පත්කළ මන්ත්‍රීවරියකි.

    සැමියාද එජාපයේ හිටපු මන්ත්‍රීවරයෙක් බව පොලිසිය කියයි. මේ අය දැන් නියෝජනය කරන්නේ සමගි බලවේගය පක්ෂය බව පොලීසිය පවසයි.

    සම්පූර්ණයෙන් වැඩ නිම නොකල නිවසේ කාමරයක් තුළ ගෑස් ලිපක් යොදාගෙන හිටපු මන්ත්‍රීවරයා ගෝලයෙක් සමග නීති විරෝධීව මත්පැන් පෙරා ඇතැයි පොලීසිය සදහන් කරයි.

    කල වැටලීමේදි හිටපු මන්ත්‍රීවරයා හා ඔහුගේ ගෝලයා සන්තකයේ තිබී ගෝඩා ලීටර් 20 ක්, කසිප්පු ලීටර් 4 කට වැඩි ප්‍රමාණයක් හා ඒවා පෙරීමට ගන්නා උපකරණ පොලීසිය භාරයට ගෙන ඇත.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img