Home COVID අවසන් මොහොතේ රෝහල් ගතවී මියයන සංඛ්‍යාව ඉහළ ගිහින්

අවසන් මොහොතේ රෝහල් ගතවී මියයන සංඛ්‍යාව ඉහළ ගිහින්

අවසන් මොහොතේ රෝහල් ගතවී මියයන සංඛ්‍යාව ඉහළ ගිහින්

අංජනා මල්ලවාරච්චි

ශ්වසන අපහසුතා තිබෙන හෝ කොරෝනා රෝග ලක්ෂණ ඇත්නම් හෝ ඉතා ඉක්මනින් රෝහල් වෙත ගොස් වෛද්‍ය ප්‍රතිකාර හා උපදෙස් ලබා ලබාගැනීම අත්‍යවශ්‍ය බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය පැවැසුවාය.

සැක සහිත රෝග ලක්ෂණ මතු වූ වහාම කල්තියා රෝහලකට ගොස් වෛද්‍ය සහාය පැතීමෙන් අවාසනාවන්ත ලෙස මිය යෑමේ අවස්ථා අඩුකල හැකි බව පද්මා ගුණරත්න මහත්මිය කීවාය.

කොරෝනා ආසාදිතව නිවෙස්වල මිය යෑම සහ අවසන් මොහොතේ රෝහල්ගත වන අවස්ථාවේ මිය යන්නන්ගේ සංඛ්‍යාව වැඩිවෙමින් තිබෙන බවද කල්තබා රෝහල් ගත වීමෙන් එවැනි සිදුවීම් අවම කරගත හැකි බව ද බවද වෛද්‍යවරිය කීවාය

කොරෝනා ආසාදිතයෙකුගේ ජීවිත බේරාගැනීම සඳහා රෝහල්ගත කළ පසුව විශාල කාර්යයභාරයක් තිබෙන බවද ඖෂධ සැපයීම, ඔක්සිජන් සැපයීම, වෛද්‍ය අධීක්ෂණයට ලක් කිරීම වැනි කටයුතු නිසි පරිදි සිදු කළහොත් ඔවුන්ගේ ජීවිත බේරාගැනීමට හැකි බවද පද්මා ගුණරත්න මහත්මිය පැවසුවාය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here