තවත්
    මුල් පිටුවදේශීය පුවත්උණුසුම් පුවත්පිටි මිල ඉහළ යයි - බේකරි නිෂ්පාදන ගණන් උස්සයි

    පිටි මිල ඉහළ යයි – බේකරි නිෂ්පාදන ගණන් උස්සයි

    පාන් නිෂ්පාදන සදහා භාවිතා කරන ලබන (මිල්ක් බ්‍රැන්ඩ්) තිරිගු පිටි කිලෝ එකක මිල රු 3.50 කින් අද (15) සිට වැඩි කිරීමට ප්‍රීමා සමාගම පියවර ගැනීමත් සමග පාන් හැර සෙසු සියළුම බේකරි නිෂ්පාදනවල මිල ඉහළ දැමීමට බේකරි හිමියන් පියවර ගෙන තිබේ.

    ප්‍රිමා සමාගම මිල්ක් බ්‍රැන්ඩ් කිලෝ 50 ක පිටි මිටියක් මෙතෙක් අලෙවි කරනු ලැබුවේ රුපියල් 4000 කටය. නව මිල වැඩි කිරිමත් සමග පිටි කිලෝ 50 ක පිටි මිටියක් රුපියල් 4175 දක්වා ඉහල යන බව ප්‍රිමා තිරිගු පිටි අලෙවි නියෝජිතයන් පවසති.

    මෙම මිල ඉහළ යාමත් ඉන්ධන මිල ඉහළයාමත් බේකරු නිෂ්පාදන සදහා දැඩිව බලපෑම් එල්ලකර ඇති බැවින් පාන් හැර මාළුපාන්, බනිස් ඇතුළු බේකරි නිෂ්පාදන මිල රුපියල් 05 ත් 10 ත් අතර ප්‍රමාණයකින් ඉහළ යන බව බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන මහතා සදහන් කළේය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img