Home උණුසුම් පුවත් එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ කපිතාන් මුදාහැරේ – රටින් යන්න තහනම්

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ කපිතාන් මුදාහැරේ – රටින් යන්න තහනම්

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ කපිතාන් මුදාහැරේ – රටින් යන්න තහනම්

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ සිද්ධිය සම්බන්ධයෙන් අද (14)අත්අඩංගුවට ගත් එහි කපිතාන්වරයා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු බැඳුම්කරයක් මත මුදා හැර තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කපිතාන්වරයා අත්අඩංගුවට ගෙන කොළඹ මහාධිකරණය වෙත ඉදිරිපත් කර තිබුණි.

එහිදී ඔහු රුපියල් මිලියන 2ක පුද්ගලික බැදුම්කරයක් මත නිදහස් කිරීමට නියෝග කෙරුණි.

කපිතාන්වරයාට විදේශගතවීම වළක්වාලමින් පනවා ඇති තහනම් නියෝගය ද තවදුරටත් දීර්ඝ කිරීමට මහාධිකරණය තීන්දු කළේය.

කොළඹ වරාය ආසන්න මුහුදේදී එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනිගැනීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පරීක්ෂණ පවත්වයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here