Home උණුසුම් පුවත් කැලණි සරසවියේ නව ගෞරව උපාධි පාඨමාලා 5ක්

කැලණි සරසවියේ නව ගෞරව උපාධි පාඨමාලා 5ක්

කැලණි සරසවියේ නව ගෞරව උපාධි පාඨමාලා 5ක්

අංජනා මල්ලවාරච්චි

කැලණිය විශ්ව විද්‍යාලයේ මේ වසරේ සිට නව ගෞරව උපාධි පාඨමාලා පහක් අලුතින් හදුන්වා දී තිබේ.

විද්‍යාවේදී ගෞරව ව්‍යවහාරික රසායන විද්‍යාව පිළිබඳ උපාධිය, විද්‍යාවේ දී ඉලෙක්ට්‍රොනික හා පරිඝනක විද්‍යා පිළිබඳ උපාධි පාඨමාලාව, විද්‍යාවේදී ක්‍රීඩා විද්‍යාව පිළිබඳ උපාධි පාඨමාලාව, ව්‍යාපාර කළමනාකරණ වේදී ගෞරව ගිණුම්කරණ තොරතුරු පද්ධති පිළිබඳ පාඨමාලාව සහ විද්‍යාවේදී වෘත්තීය චිකිත්සාව පිළිබඳ පාඨමාලාව එම නව උපාධි පාඨමාලා වේ.

කැලණි විශ්වවිද්‍යාලය සමඟ ඒකාබද්ධව කටයුතු කරන විවිධ විද්වත් පාර්ශවයන්ගේ සහයෝගයෙන් මෙම කාලෝචිත නව උපාධි පාඨමාලා ආරම්භ කරන බව ද විශ්වවිද්‍යාලය කියයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here