Home උණුසුම් පුවත් සති 3ක් තිස්සේ සංචරණ සීමා තිබිලත් රැකියා අහිමිවූවන්ට 5000 නෑ

සති 3ක් තිස්සේ සංචරණ සීමා තිබිලත් රැකියා අහිමිවූවන්ට 5000 නෑ

සති 3ක් තිස්සේ සංචරණ සීමා තිබිලත් රැකියා අහිමිවූවන්ට 5000 නෑ

අංජනා මල්ලවාරරච්චි

සති තුනකට අධික කාලයක් සංචරණ සීමා පනවා තිබියදී රැකියා අහිමි වූවන්ට රුපියල් පන්දහසේ දීමනාව ලබාදී නැතැයි වාර්තා වේ.

රජය මගින් ලබාදෙන රුපියල් පන්දහසේ දීමනාව මෙවර ලබාදී ඇත්තේ සමෘද්ධිලාභී පවුල්වලට පමණක් වන අතර රැකියා අහිමි වූ සහ අඩු ආදායම්ලාභී වෙනත් පවුල්වලට එම ආධාරය නොලැබීම බරපතළ ගැටලු සහගත තත්ත්වයක් බව ද ඔවුහු පවසති.

මීට ඉහත අවස්ථාවලදී තමන්ට රුපියල් පන්දහසේ දීමනාව හිමි වුවත් මෙවර අහිමි වීම ඉතා අසාධාරණ බව ද එම පවුල්වල සාමාජිකයෝ පවසති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here