තවත්
    මුල් පිටුවCOVIDකොවිඩ් එන්නත නොගත්තොත් ෆෝන් බ්ලොක් කරන්න පාකිස්ථානයේ තීරණයක්

    කොවිඩ් එන්නත නොගත්තොත් ෆෝන් බ්ලොක් කරන්න පාකිස්ථානයේ තීරණයක්

    පාකිස්ථානයේ කොවිඩ් මර්දන එන්නත් ප්‍රතික්ෂේප කරන ජනතාවගේ දුරකතන අවහිර කිරීමට එරට ප්‍රාන්තයක් තීරණය කර තිබේ.

    ඒ එරට සින්ද් ප්‍රාන්තයේ කොවිඩ් එන්නත ගැනීම ප්‍රතික්ෂේප කරන සිවිල් සේවකයන්ගේ ජුලි මාසයේ වැටුප් නොගවීමට පියවර ගන්නා බවට නිවේදනය කිරීමෙන් පසුවයි.

    පාකිස්ථානයේ වැඩිම ජනගහනයක් සිටින පන්ජාබ් ප්‍රාන්තයේ කොවිඩ් එන්නත් සදහා ඉල්ලුම මන්දගාමී වී ඇතැයි එරට වාර්තා පවසයි.

    පන්ජාබ් ප්‍රාන්තයේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශක හමාඩ් රාසා පැවසුවේ මුලින් මෙය යෝජනාවක් පමණක් වුවද පසුව දිගින් දිගටම එන්නත ගැනීම ප්‍රතික්ෂේප කිරීම නිසා මෙම තීරණය ගත් බවයි.

    මෙම පියවර ක්‍රියාත්මක කළ යුතු ආකාරය රාජ්‍ය විදුලි සංදේශ ඒජන්සිය විසින් තීරණය කරන බව ඔහු පැවසීය.

    කොවිඩ් එන්නත ගෙන වසර දෙකක කාලයක් තුළ වඳභාවයට හෝ මරණයට හේතු වන බවටත් අතුරු ආබාධ පිළිබඳ වැරදි තොරතුරු සමාජගත වීම හේතුවෙන් ජනතාව එන්නත ගැනීම පසුබට වීමට හේතු වී තිබේ.

    “පාකිස්තානයේ අධ්‍යාපන මට්ටම අඩුයි. ජනතාව ද එන්නත් පිළිබඳව කටකතා සහ වැරදි තොරතුරු පතුරුවා හරිමින් සිටිනවා.” පාකිස්තානයේ තරුණ වෛද්‍ය සංගමයේ ප්‍රධානී සල්මාන් හසීබ් පවසයි.

    සති තුනක රටේ පැනවූ දැඩි සීමාවන්ගෙන් පසුවත් පාකිස්තානයේ තුන්වන ආසාදන රැල්ල උඩුදිවීමට පටන් ගෙන තිබේ.

    පාකිස්තානයේ රටපුරා එන්නත් ලබා දීමේ ක්‍රියාවලිය මෑත සතිවල දී ඉහළ ගොස් ඇති අතර බොහෝ දිනවල මාත්‍රාවන් 200,000 කට වඩා ලබා දී ඇත.

    මාත්‍රා මිලියන 10.5 කට ආසන්න ප්‍රමාණයක් ලබා දී ඇත. එමගින් එන්නත් ලබාගත් ජන කොටසට ඇතුළත් වන්නේ ජනගහනය මිලියන 220 න් ඉතා සුළු වශයෙනි.

    මෙම එන්නත්වලින් බොහොමයක් සපයා ඇත්තේ චීනයයි.

    නව දිරිගැන්වීම් යටතේ, එන්නත ලබා ගන්නා අයට සිනමා ශාලා, සැමරුම් ශාලා සහ සිද්ධස්ථාන වෙත පිවිසීමට අවසර දේ. ජනගහනයෙන් සියයට 20 කට වඩා වැඩි ප්‍රමාණයක් ආරක්ෂා කර ඇති දිස්ත්‍රික්කවල ව්‍යාපාර සඳහා සීමාවන් ඉවත් කර ඇත.

    පාකිස්තානයේ ආසාදිතයයන් 940,000 කට වැඩි සංඛ්‍යාවක් සහ මරණ 21,500 ක් වාර්තා වී ඇත. නමුත් සීමිත පරීක්ෂණ සහ සෞඛ්‍යාරක්‍ෂක අංශයක් නිසා බොහෝ දෙනා බිය වන්නේ වසංගතයේ සැබෑ තත්ත්වය වඩාත් නරක අතට හැරෙනු ඇති බවයි.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img