පකිස්තානයේ සිට මුහුදු මාර්ග ඔස්සේ මෙරටට රැගෙන පැමිණි හෙරොයින් කිිලෝ 200 කට වැඩි ප්‍රමාණයක සමග මෙරට ධීවර යාත්‍රාවක් සැකකරුවන් 08 දෙනෙක් සමග මේ වන විට අත්අඩංගුවට ගෙන තිබේ.
හෙරොන් කිලෝ 140 ක පමණ ප්‍රමාණයක් තිබී ඇත්තේ ගෑස් ටැංකි 04 ක සගවාය.
මෙම හෙරොයින් තොගය රැගෙන ඒමට බෝට්ටු කිහිපයක් ජාත්‍යන්තර මුහුදු තීරයට ගොස් තිබේ. පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයත් රාජ්‍ය බුද්ධි සේවයත් මේ ගැන ඇස ගසාගෙන සිට නාවික හමුදාවේ සහය ඇතිව මෙම වැටලීම කර ඇත.
මේ වන විට මතත්කුඩු සමග සැකකරුවන් සහ යාත්‍රා මිරිස්සට රැගෙන විත් ඇතැයි පොලිස් තොරතුරු අනාවරණය කළේය. මෙම හෙරොයන් තොගයේ වටිනාකම රුපියල් කෝටි 200 කට වැඩිය.
ගෑස් සිලින්ඩර් ඇතුලේ ඇති හෙරොයින් සිලින්ඩර් කපා පිටතට ගෙන තිබේ. එසේ ගෑස් සිලින්ඩර් තුළම හෙරොයින් බහා එවා ඇත්තේ පකිස්තානයේ සිටමය.
මැයි 11 වනදා ධීවර කටයුතු සඳහා යැයි සඳහන් කරමින් මෙම යාත්‍රාව මුහුදට ගොස් මෙම හෙරොයින් තොගය රැගෙන පැමිණ ඇතැයි හෙළිවී තිබේ.