තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්බෝට්ටුවෙන් කැනඩාවට පනින්න ඉන්දියාවේ නැවතී සිටි ලාංකිකයෝ 61ක් අත්අඩංගුවට

    බෝට්ටුවෙන් කැනඩාවට පනින්න ඉන්දියාවේ නැවතී සිටි ලාංකිකයෝ 61ක් අත්අඩංගුවට

    මිනිස් ජාවාරම් සිදුකළ පුද්ගලයන් 11 දෙනකු සහ නීතිවිරෝධී ලෙස කැනඩාවට යාමේ අරමුණින් ඉන්දියාවේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයින් 61 දෙනෙකු තමිල්නාඩු හා කර්ණාටක පොලිස් ස්ථාන මඟින් සිදුකළ විශේෂ මෙහෙයුමකදී අත්අඩංගුවට ගෙන තිබේ.

    නීතිවිරෝධී ලෙස එරට රැදී සිටීම සම්බන්ධයෙන් මොවුන් අත්අඩංගුවට ගෙන ඇතැයි එරට ආරක්ෂක අංශ පවසයි.

    ශ්‍රී ලාංකිකයන් 38 දෙනෙකු කර්ණාටක ප්‍රාන්තයේ මංගලූර් සිට අත්අඩංගුවට ගත් අතර 23 දෙනෙකු තමිල්නාඩුවේ මදුරෙයි සිට අත්අඩංගුවට ගෙන තිබේ.

    කර්නාටක පොලිසිය පවසන පරිදි මාර්තු මාසයේ දී ශ්‍රී ලාංකිකයන් මුහුද හරහා ඉන්දියාවට ඇතුළු වී තිබේ. මධුරෙයි හි ටික කලක් නැවතී සිටීමෙන් පසුව ඔවුන්ගෙන් ඇතැමුන් බෙංගාලුරයටත් පසුව මංගලූරුවටත් ගියහ.

    තමිල්නාඩු පොලිසියේ තොරතුරකට අනුව මෙම අත්අඩංගුවට ගැනීම් සිදු කර ඇති බව මංගලූර් නගර පොලිස් කොමසාරිස් පවසයි.

    මෙම ශ්‍රී ලාංකික ජාතිකයන්ට උදව් කළ ඉන්දීය ජාතිකයන් හත් දෙනෙකු ද අප අත්අඩංගුවට ගෙන තිබේ. සියලුම විත්තිකරුවන්ට අදාළ අංශ යටතේ නඩු පවරා තිබේ.

    අත්අඩංගුවට ගත් අයගේ සම්පූර්ණ විස්තර තමිල්නාඩු පොලිසිය විසින් මෙතෙක් අනාවරණය කරගෙන නොමැත.

    කර්නාටක පොලිසියට ලැබී ඇති තොරතුරුවලට අනුව, ශ්‍රී ලාංිකකයන් කැනඩාවට රැගෙන යාම සඳහා ශ්‍රී ලංකාවේ රුපියල් ලක්ෂ 10 ක් ගෙවා ඇත. මෙම කණ්ඩායම තමිල්නාඩුවේ සිට බහාලුම් යාත්‍රා, භාණ්ඩ නැව් හෝ පෞද්ගලික බෝට්ටුවල පිටත් වීමට නියමිතව තිබී ඇත.

    “ඔවුන් තමිල්නාඩුවේ ලැගුම්හල්වල නැවතී සිටි අතර, ප්‍රාන්ත මැතිවරණයේදී පොලිස් පරීක්ෂාවන් තීව්‍ර වීමෙන් පසුව, ඔවුන්ගෙන් සමහරෙකු බෙංගාලූරුවේ ශාන්තිනගර් වෙත ගෙන යන ලදී. පසුව ඔවුන් කුඩා කණ්ඩායම්වලට බෙදී මංගලූර් වෙත පැමිණ ඇත. අපගේ ශාඛා පොලිසිය ඔවුන් සුරක්ෂිත කර ඇති අතර ඔවුන්ගේ රිමාන්ඩ් භාරයේ නීතිමය ක්‍රියාදාමයන් සිදුවෙමින් පවතී,” කර්නාටක බුද්ධි අංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පවසා ති‍බේ.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img