Home දේශීය පුවත් මාසයක් තිස්සේ වව්නියාවේ වෙල්යායක වැටී සිටි ඇතා මිය යයි

මාසයක් තිස්සේ වව්නියාවේ වෙල්යායක වැටී සිටි ඇතා මිය යයි

0
මාසයක් තිස්සේ වව්නියාවේ වෙල්යායක වැටී සිටි ඇතා මිය යයි
Asian elephant head close up.

වව්නියාව, කනගරායන්කුලම පුදූර් හී කැළෑබද ප්‍රදේශයක වෙල් යායක වැටී සිටි ඇතා අද (11) පෙරවරුවේදී මියගොස් ඇත.

ඇතා මියගොස් ඇත්තේ වැටී සිටි ස්ථානයෙන් පෙරේදා ත් (09 ) ඊයේත් (10) බැකෝ යන්ත්‍ර සහ බර ඔසවන යන්ත්‍ර ආදාරයෙන් ඔසවා නැගිට්ටුවීමට වනජීවී නිලධාරීන් සහ පශු වෛද්‍යවරුන් දැඩි පරීශ්‍රමයක දරමින් සිටියදීය.

වෙල්යායේ මාසයක පමණ කාලයක් ඇතා වැටී සිටියේය. මෙම ඇතා සම්බන්ධයෙන් අවධානයක් යොමුවන්නේ සමාජ මාධ්‍ය ජාල මගින් ඒ සම්බන්ධයෙන් යම් පුද්ගලයෙක් විසින් නිකුත් කළ වීඩියෝවක් හේතුවෙනි. එම වීඩියෝව ඉකුත් මැයි 23 වෙනිදා නිකුත්කර තිබුණු අතර ඒ වන විටත් ඇතා එම ස්ථානයේ වැටී දින 12 ක් ගතවී තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here