තවත්
    මුල් පිටුවදේශීය පුවත්GOSSIPසමාජ මාධ්‍ය කැළඹූ කුඩා දරුවෙකුට මත්පැන් බොන්නට දුන් වීඩියෝවේ සැගවුණු කථාව එළියට

    සමාජ මාධ්‍ය කැළඹූ කුඩා දරුවෙකුට මත්පැන් බොන්නට දුන් වීඩියෝවේ සැගවුණු කථාව එළියට

    රටේම අවධානයට යොමුවෙමින් සමාජ මාධ්‍ය ජාලවල සැරිසැරූ කුඩා දරුවෙකුට මත්පැන් පානය කිරීමට පොළඹවන හා මත්පැන් පානයකරනන්ට ඉඩසලසා දෙන වීඩියෝව සම්බන්ධයෙන් විමර්ශයක් පැවැත්වූ පොලීසිය දරුවා හදුනා ගනිමින් එම දරුවාට මත්පැන් ලබාදුන් පුද්ගලයාව ඊයේ (10) සවස අත්අඩංගුවට ගෙන තිබේ.

    සැකකරු පෑලියගොඩ නුගේපාරේ පදිංචිකරුවෙක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශයක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ අජිත් රෝහන මහතා කීය. 25 හැවරදි එම සැකකරු විසින් මත්පැන් පානයට ලබාදී ඇත්තේ අවුරුදු 04 ක දරුවෙකුට බව පොලීසිය කියයි. සැකකරු එම දරුවාගේ දුරින් ඥතියෙක් බවත් දරුවාට දිගින් දිගටම එම පුද්ගලයා විසින් මත්පැන් පානය කිරීමට ලබාදෙන බව සැකකරන බවත් පොලීසිය කියයි.
    දරුවාගේ පියා දරුවාගේ මව අතහැර ගොස් ඇති බවත් නුගේපාරේ පිහිටි පැල්පත් හා මුඩුක්කු නිවාස සංකීර්ණයක මව මෙම දරුවා සමග පදිංචිව සිටින බවත් විමර්ශන වලින් හෙළිවී තිබේ. සැකකරු පදිංචිව සිටින්නේද දරුවා පදිංචිව සිටින නිවස ආසන්නයේ නිවසකය. ඉකුත් මස 27 වෙනිදා මෙම තරුණයා බියර් කෑනයක් පානය කරමින් සිටියදී ඔහු අසලට පැමිණි දරුවාට එය

    බොන්නට දෙමින් වීඩියෝකර ඇත්තේද ඔහු විසින්ම බව පොලීසිය කියයි.

    එදිනම ඔහු එම වීඩියෝව තමා අධ්‍යාපනය ලද හේකිත්තේ පිහිටි පාසලක ආදි ශිෂ්‍ය කණ්ඩායමේ සමාජ ජාල ගිණුමට ඇතුලත්කර ඇති බවද පොලිස් විමර්ශන වලින් පෙනී ගොස් තිබේ. මෙම වීඩියෝව ප්‍රචාරය වීමත් සමග ඒ ගැන සොයා බැලීමක් කරන ලෙස පොලිස් මූලස්ථානයෙන් පොලීසියේ බුද්ධි අංශවලට දැනුමක් කර ඇත. ඒ අනුව පෑලියගොඩ පොලීසියට අනුයුක්ත බුද්ධි අංශ නිලධාරීීන් විසින් සමාජ මාධ්‍ය වල මෙම වීඩියෝව හුවමාරුවූ ගිණුම් ගැන විශේෂ අවධානයක් යොමු කිරීමේදී ආදි ශිෂ්‍ය සංගමයේ ගිණුම ගැන තොරතුරු හෙළිවී තිබේ. ඒ ඔස්සේ කළ විමර්ශනයේදී සැකකරු හදුනා ගැනීමට හැකියාව ලැබී ඇත. ඒ බව පෑලියගොඩ මූලස්ථාන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක මහින්ද විල්ලොවආරච්චි මහතා දැනුවත් කිරීමෙන් අනතුරුව ඔහු ඇතුළු කණ්ඩායමක් නුගේපාරට ගොස් සැකකාර තරුණයාව අත්අඩංගුවට ගෙන තිබේ.

    සැකකාර තරුණයා ලංකාවේ ප්‍රමුඛතම ඉදිකිරීම් සමාගමක කම්කරුවෙක් ලෙස සේවය කරන්නෙක් බවට තොරතුරුද ප්‍රශ්න කිරීමේදී අනාවරණය වී ඇත. තමා බියර් පානය කරමින් සිටියදී දරුවා බොන්නේ මොනවාදැයි විමසමින් තමාටත් ටිකක් දෙන ලෙස ඉල්ලා සිටි බවත් ඒ අනුව ඔහුට බියර් කෑනය ලබාදෙමින් එය විනෝදයට මෙන් වීඩියෝකර ෆේස් බුක් එකට දැමූ බව ප්‍රශ්න කිරීම් හමුවේ තරුණයා පවසා ඇතැයි පොලිස් තොරතුරු සදහන් කළේය.

    සැකකරුව අද (11) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img