Home දේශීය පුවත් සහරාන්ට ආරක්ෂාව දුන් උපතැපැල් ස්ථානාධිපති අත්අඩංගුවට

සහරාන්ට ආරක්ෂාව දුන් උපතැපැල් ස්ථානාධිපති අත්අඩංගුවට

0
සහරාන්ට ආරක්ෂාව දුන් උපතැපැල් ස්ථානාධිපති අත්අඩංගුවට

පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහ මොළකරුවෙක් වන සහරාන් හෂීම් සමග සම්බන්ධකම් පැවැත්වූ දෙදෙනෙකු කහටගස්දිගිලිය සහ කාත්තන්කුඩි යන ප්‍රදේශවල දී ත්‍රස්ත ක්‍රියා විමර්ෂන කොට්ඨාසයේ නිලධාරීන් ඊයේ (10) අත්අඩංගුවට ගෙන තිබේ.

කහටගස්දිගිලියේ පුද්ගලයාව අත්අඩංගුවට ගෙන ඇත්තේ 2018 වර්ෂයේ දි සහරාන් හසීම් ඇතුළු 05 දෙනෙකුට ආරක්ෂාව සැපයීම සම්බන්ධයෙනි. එම පුද්ගලයා කහටගස්දිගිලිය ප්‍රදේශයේ පදිංචි 47 හැවිරිදි පුද්ගලයෙකි. ඔහු කහටගස්දිගිලිය මුකරියාව උපතැපැල් ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළ අයෙක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ අජිත් රෝහන මහතා සදහන් කළේය.

කාතන්කුඩියේදී අත්අඩංගුවට ගෙන ඇත්තේ මඩකලපුව බන්ධනාගාරයේ රදවා සිටි කාත්තන්කුඩි ප්‍රදේශයේ පදිංචි 35 පුද්ගලයෙකි. අන්තවාදි මත ප්‍රචාරය කිරීම හා සහරාන් හෂිම් සමඟ සබඳතා පැවැත්වීම යන චෝදනා මත ඔහුව අත්ඩංගුවට ගෙන තිබේ.

සැකකරුවන් දෙදෙනාව ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ රදවා ඉදිරිවිමර්ශන පවත්වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිතීඥ අජිත් රෝහන මහහතා පැවැසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here