Home උණුසුම් පුවත් අත්‍යවශ්‍ය සේවාවල නිරත රාජ්‍ය සේවකයින්ට දීමනාවක් ඉල්ලයි

අත්‍යවශ්‍ය සේවාවල නිරත රාජ්‍ය සේවකයින්ට දීමනාවක් ඉල්ලයි

අත්‍යවශ්‍ය සේවාවල නිරත රාජ්‍ය සේවකයින්ට දීමනාවක් ඉල්ලයි

අංජනා මල්ලවආරච්චි

අත්‍යවශ්‍ය සේවාවල නිරතව සිටින රාජ්‍ය සේවකයින්ට මාසිකව විශේෂ දීමනාවක් ලබා දෙන්නැයි ඒකාබද්ධ සංවර්ධන නිලධාරි මධ්‍යස්ථානය රජයෙන් ඉල්ලීමක් කරයි.

රජය මගින් අත්‍යවශ්‍ය සේවා බවට පත් කර ඇති ඇතැම් සේවාවල නිලධාරීන් මේ වන විට කොවිඩ් අවදානම නොතකා රාජකාරියේ නිරතව සිටින බව ද ඔවුන්ට ඒ වෙනුවෙන් විශේෂ දීමනාවක් තිබිය යුතු බව ද ඒකාබද්ධ සංවර්ධන නිලධාරී මධ්‍යථානයේ ලේකම් ධම්මික මුණසිංහ මහතා කීය.

ආර්ථික සංවර්ධන නිලධාරීන්, ග්‍රාම නිලධාරීන් සහකාර ප්‍රාදේශීය ලේකම්වරුන්, දිස්ත්‍රික් ලේකම්වරුන් සහ අනෙකුත් අත්‍යවශ්‍ය රාජකාරිවල නිරත රාජ්‍ය සේවකයින්ට එම විශේෂ දීමනාව දිය යුතු බවද මුණසිංහ මහතා කීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here