Home COVID එංගලන්තයේ ඇල්ෆා කොවිඩ් ප්‍රභේදය මෙරට ප්‍රදේශ 9කින් හමුවෙයි

එංගලන්තයේ ඇල්ෆා කොවිඩ් ප්‍රභේදය මෙරට ප්‍රදේශ 9කින් හමුවෙයි

එංගලන්තයේ ඇල්ෆා කොවිඩ් ප්‍රභේදය මෙරට ප්‍රදේශ 9කින් හමුවෙයි

එංගලන්තයෙන් අනාවරණය කරගත් COVID-19 ප්‍රභේදය (ඇල්ෆා) ශ්‍රී ලංකාවේ ප්‍රදේශ 09 කින් වාර්තා වී තිබේ.

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ අසාත්මිකතා, ප්‍රතිශක්තිකරණ හා සෛල ජීව විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය චන්දිම ජීවන්දර මහතා පෙන්වා දෙන්නේ ඉන්දියානු සහ ශ්‍රී ලංකා ප්‍රභේද ප්‍රදේශ දෙකකින් සොයාගෙන ඇති බවයි.

එංගලන්තයේ B.1.1.7, ප්‍රභේදය කොළඹ, මඩකලපුව, ත්‍රිකුණාමලය, කුලියාපිටිය, වාරියපොල, හබරාදුව (මාතර), තිස්සමහාරාම, කරාපිටිය සහ රාගම යන ප්‍රදේශවලින් වාර්තා වී ඇත.

ඉන්දියාවේ (ඩෙල්ටා) ප්‍රභේදය වන B.1.617.2, වස්කඩුව ප්‍රදේශයේ නිරෝධායන පහසුකමක් සලසා ඇති හෝටලයකින් අනාවරණය වී ඇත.

COVID-19 හි B.1.411, තිස්සමහාරාමයෙන් වාර්තා වී ඇත.

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කණ්ඩායම විසින් සිදුකරන ලද නව ප්‍රභේද පිළිබද ඊයේ නිකුත් කළ වාර්තාවට අනුව මේ බව අනාවරණය වී තිබේ.

ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් කොරෝනා වයිරස් එන්නතෙහි 2 වන මාත්‍රාව ලබා ගැනීමෙන් සති දෙකකට පසු එක්සත් රාජධානියේ ප්‍රභේදය (ඇල්ෆා) සමඟ හඳුනාගත් සෞඛ්‍ය සේවකයින් සියලු දෙනා සුවය ලබා තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here